තිස්දෙවැනි දිගහැරුම .....

1.8K 459 158
                                    

SOLDIER .......👲👲

ශාන්ව සෝපාවෙන් හාන්සිකරවා යීබෝ මේජර් සෙන් අසලට වී දහසක් දේවල් කල්පනා කරමින් සිටියේ ඇස් පියන්නට නොහැකි නිසාවෙනි ... මේජර් කොයි මොහොතේ හෝ ඇස් ඇරියොත් එය ඉක්මනින් වෛද්‍යවරුන් හට දැනුම්දිය යුතුයි....  ඒත් සමඟම ඔහුගේ දුරකතනය නාදවෙන්නට පටන්ගත්තේය .... නන්නාදුනන අංකයක්.... යීබෝ ඇමතුම සම්බන්ධ කරගත්තේය ...

" මේ කැප්ටන් යීබෝ වෙන්න ඇති...."

කාන්‍තා කටහඩක්.....

" ඔව් කවුද මේ...."

" මම සෝල්ජර් ලූ හන් ගේ වයිෆ්...."

" මොකක්ද අවශ්‍යතාවය ...."

යීබෝ කුතුහලයෙන් ඇසුවේය ...

" සර්... මගෙ හස්බන් ලොකු කරදරයක වැටිලා ඉන්නෙ... ප්ලීස් මේ කතාව ටිකක් අහන්න...."

ඒ හඩ තුල ඇත්තේ වේදනාවක් ද කලකිරීමක් ද පරාජයක්ද කියන්නට නොතේරුනත් ඇයගේ කතාව අසන්නට යීබෝ සූදානම් විය...

" සර් මගෙ මහත්තයා ලොකු අමාරුවක වැටිලා ඉන්නෙ එයා නරක මනුස්සයෙක් නෙවෙයි... හැබැයි ඉස්පිරිතාලෙ ඇදක් උඩ පණ අදින අපේ අහිංසක දරුවා වෙනුවෙන් එයා අකමැත්තෙන් උනත් මේජර් ෂූ හුයැන් ට ඔලුව පාත්කරා... මගෙ හස්බන්ඩ් ට ඩිරෙක්ට් සර්ට කතාකරන්න බෑ.... එයාගෙ කෝල්ස් ට්‍රැක් කරනවා ඇති... ඉතින් ඒ නිසයි මම සර්ට කතාකරන්නෙ.................................."

ඇගේ කතාව යීබෝ සාවදානව අසාසිටියේය... අවසානයේ ...

" එයාට කියන්න මේ විස්තර දැනට මේජර් ට නොකියා ඉන්න කියලා ... මට එක දවසක් දෙන්න  .. කොහොමද මේ ප්‍රශ්නෙ විසදන්නෙ කියලා මම අනිවාර්යයෙන් කියන්නම්.. අනික තමයි ඔයාගෙ දරුවටවත් ඔයාගෙ හස්බන්ඩ් ට වත් කාටවත් ගැටලුවක් ඇතිනොවෙන්න මම වගබලාගන්නම්... ඒ නිසා ලූ හන් ට කියන්න හෙට දවස වෙනකල් මේක යට ගහන්න කියලා .."

යීබෝ පැහැදිලිව ඇයට කීවේය ...

" හොදයි සර්... මම එයාට කියන්නම්... "

"මට ඔයාගෙ දරුවා ඉන්න හොස්පිට්ට්ල් එකේ විස්තර මැසේජ් කරන්න හෙට උදේ වෙනකොට.... කිසිම දේකට බයවෙන්න එපා... ඔයාලා මාව විශ්වාස කරලා මේ දේවල් කියපු නිසාම මම ඒ විශ්වාසය රකිනවා... "

SOLDIER ... 👲👲  ( yizhan ff.... Complete  )Where stories live. Discover now