එකොළොස් වෙනි දිගහැරුම .....

2.5K 536 184
                                    

SOLDIER ......👲👲

" ශාන් ....උත්තර දෙනවා....."

යීබෝ යලිත් කෑසුවේය... උත්තර දෙන්න දේශනය අසා නොසිටි ශාන් දහ අතේ කල්පනා කරන්නට පටන්ගත්තේය ....තවත් නිහඩව හිටියොත් ඊලඟට කැප්ටන් යකා නටන නිසවෙන් තමන්ගේ සාමාන්‍ය දැනීම පාවිච්චි කිරීමට ශාන් තීරණය කලේය.... කෙලින්ම කැප්ටන් දෙස බලා

" සුදු කොඩියක් වගේ පෙන්නලා ෂේප්ම්මන්ට් එකක් දාගන්නවා..... මොකද තුවාල කාරයත් අරගෙන යනකොට වෙඩි තිබ්බොත් එහෙම ...."

මුලු ශාලාවම සිනාසෙන්නට පටන්ගත්තේය ... යීබෝගෙ මුහුණ කෝපයෙන් දිලිසෙන අයුරු ශාන් දුටුවේය .... අසල සිටි බින් ශාන්ව මස් කර අවසන් ය... ඒ බැල්ම ඒ තරම් අපූරුය ....

" ශාන් ... පලයං එළියට ......"

යීබෝගෙ හඩට සියල්ලෝම නිහඩවිය... ඒ හඩ සිනාහඩ පරදා නැඟුනි.. මුලු ශාලාවම එක්වරම මීයට පිම්බාක් මෙන් නිසල විය ... ශාන්ගේ දැස් වලට කදුලු ඉනුවේය.... ඒතරම් හයියෙං කෑගහන්න තරම් ඔහු කියූ වරදක් තිබේදැයි කල්පනා කරමින් ඉදිරියට ආවේය.... එතැනින් එළියට යන්නට දොරටුව ඇත... සාමය වෙනුවෙන් කොඩියක් එසවීම මේතරම් කේන්තියකට කරුනක් වන්නේදැයි ශාන් කල්පනා කලෙය....

" ඇටෑක් එකකට යනකොට සුදුකොඩියක් සාක්කුවේ දාගෙන වෙන්නැති යන්න හිතං ඉන්නෙ..... ss ජියැන්ග් ....... මෙයාව අද දවසම මෙස් එකේ.. ( කිචන් එක) පිඟන් හෝදන්න දාන්න.... මම ඇවිත් නවත්තනකල් එතැනින් එන්න තහනම් .... එතැන ඉන්න හෙල්පර්ස්ලා දෙන්නෙක්ව වෙන කොහාට හරි අනුයුක්ත කරන්න..."

ශාන් දොර දෙසට යන අතර යීබෝ කෑගැසුවේය ... ශාන් යීබෝ දෙසවත් බැලුවේ නැත... මෙතැන ඉන්නවාට වඩා ඒක හොදයැයි ශාන් සිතුවේය....

" OK .... කැප්ටන් ....."

ජියැන්ග් යීබෝට ආචාර කර ශාන් සසමග එතැනින් මෙස් එක දෙසට යන්නට පිටත්විය ....

"අවධානය...."

ඈතින් යන ශාන්ට යීබෝගෙ කෑගැසීම යලිත් ඇසුනු.... මහ ලොකු කැප්ටන්.... ශාන් සිතුවේය ...

යීබෝට ශාන් සමඟ ක්ෂනිකව ඇතිවූ කේන්තිය විනාඩි කිහිපයකින් නිවී ගියේය ... පාඩමට අවදානයෙන් නොසිටීම නිසා ඇතිවූ කෝපය ලබාදුන් මෝඩ පිළිතුර නිසා දෙගුන විය... නමුත් දැන් සිතට වේදනාවක් ඇතිවෙයි... ශාන් ගියපසු ශාලාවම පාලුවට ගොස් ඇති බවක් යීබෝට දැනුනි.... වෙලාවකට ශාන් යීබෝගෙ ඇස් දෙසම බලාගෙන සිටී.... ඉතින් යීබෝ දේශනය කරන්නේ ඉතා අපහසුවෙනි ... තවත් විටෙක ශාන් ඔහුගේ වැඩකි .. නැත්නම් බින්ට අරියාදු කරයි... දැන් ඒ කිසිවක් නැත... යීබෝට අපහසුවක් දැනුනි ...

SOLDIER ... 👲👲  ( yizhan ff.... Complete  )Where stories live. Discover now