දහ නවවෙනි දිගහැරුම ....

2.4K 501 124
                                    

SOLDIER ........👲👲

මුල් දින දෙකේ තුනේදී ශාන්ට පුහුණුවීම් වලට සහභාගී නොවන ලෙස මේජර් පැවසුවේ කදවුරට ඇතුල්වූ විගසමය...

" ශාන්ට බිලට් එකේ ඉන්න කම්මැලී නම් ග්‍රවුන්ඩ් එකට යන්න.. වාඩිවෙලා ඉන්න... තේරුනාද ..."

මේජර් යුන්ග් යේ කීවේය ... පළමු දිනය බිලට් එක තුලම ගෙවූ ශාන් රාත්‍රී ආහාර සදහා බින් සහ අනිකුත් සඟයන් හතර දෙනා සමඟින් පිටත්විය.... ආහාර ගන්නා අතර කැප්ටන් ශාලාව තුලට ආවේය ... සියල්ලෝම නැගිට ආචාර කල අතර කැප්ටන් කෙලින්ම ශාන්ලා ආහාර ගන්නා මේසය අසලට ආවේය ...

" ශාන් කාලා ඉවරද...."

පුරුදු ගැඹුරු හඩින් යීබෝ ඇසුවේය ...

" ඔව්...."

ශාන් බින්ගේ උරහිසට බරවී නැගිටිමින් කීවේය ...

" එන්න ටිකකට එළියට ..."

යීබෝ ඉස්සර වී ගියේය .... ශාන් ඔහු පසුපසින් සෙමින් සෙමින් ආවේය ... ශාලාවෙන් එළියට පැමිණ තව දුරක් ඇවිදගිය යීබෝ එතැන ඇති කොන්ක්‍රීට් බංකුවක් මතින් වාඩිවිය .. පසුව ශාන්ට එතැනට එන ලෙස අතින් කීවේය ...

" තාම රිදෙනවද බබාට...."

යීබෝ ශාන්ගේ අත සෙමින් පිරිමදිමින් ඇසුවේය ...

" අ ..හ්...ම්....."

ශාන් යීබෝගෙ දෑස් දෙස බලාගෙනම කීවේය ...

" පාන්දර මම ෂැංහයි යනවා... අර කුවාන්ලගෙ දෙවනි විනය පරීක්ෂණයට කෝල් කරලා... කෑම කාලා බෙහෙත් බොන්න ඕනෙ ... මම රෑ වෙද්දි එනවා... අනිද්දා බැන්ඩේජ් එක අයින් කරන්න යනවනේ... ඒ නිසා හෙට පරිස්සමෙන් ඉන්න තේරුනාද ..."

යීබෝ ඒටික කියා අවසන් කරන විටත් ශාන්ගේ දෑස් වලින් කදුලු වැටී අවසන් ය...

" අනේ ... බෝ....බෝ...."

ශාන්ගේ හඩට යීබෝගෙ ත් පපුව හිරිවැටී ගියේය ...

" ඉක්මනින් එනවනේ.... පරිස්සමෙන් ඉන්න ඕන... "

යීබෝ ශාන්ගේ නලල සිපගත්තේය ..

" මට ලොකු කිස් එකක් ඕන .."

ශාන් හිතුවක්කාර ලෙසින් කීවේය ...

SOLDIER ... 👲👲  ( yizhan ff.... Complete  )Where stories live. Discover now