SOLDIER .........👲👲
" හෙලෝ මේරි මැණික..... "
ශාන් දුරකතනයෙන් එසේ අමතන විටම යීබෝ ඒ දෙස බැලුවේය ... නැවත ඉක්මනින් ඉදිරිය බලාගෙන රිය පදවන්නට වූවත් ඔහුගේ හදවතේ රිද්මය වෙනස්වී ඇතිබව නම් ඔහුට වැටහුනි...
" මම අනේ... ඔයාගෙ වස්තුව...."
යීබෝ දැන් සිටින්නේ දරාගන්නට බැරි වේදනාවකිනි...
" ඔයා හොදින් නේද .. මාව මතක්වෙනවද ඔයාට....."
ශාන් කතාකරන්නේ චැන්ග්ෂි සිට බෙයිජිං දක්වා ඇසෙන්නට දැයි යීබෝ සිතුවේය . ඒ හඩට යීබෝගෙ කනත්"" කූං"" ගාන්නට පටංගෙන ඇත...
" නෑ .. අනේ.. මට එපාවෙලා ඉන්නෙ..."
ශාන් කටත් උල්කරමින් කියවයි....යීබෝට දැන් දුරකතනය උදුරා වාහනයෙන් එළියට විසිකරන්නට සිතී ඇත... ඇමතුමක් ගන්න යැයි කියූ පමණින් දුරකතනය දුන් මෝඩකම යැයිද යීබෝට සිතුනි...
" ඔන්න මොකී ආවත් මට කමක් නෑ... මගෙ කාමරේට කාටවත් යන්න දෙන්නෙපා.. ඒකට යන්න පුලුවන් ඔයාට විතරයි හුම්...."
'මලවිකාර කිව්වලු ... හුරතල් වෙන කැත විතරක් ...."', යීබෝ සැරින් සැරේට ඔහු දෙස බලමින් සිතන්නේ වේදනාවෙනි..
" පරිස්සමෙන් ඉන්න මැණික ... බෙහෙත් බොන්න.... පපාවත් බලාගන්න ..... "
ශාන් ඇමතුම අවසන්කර තවමත් හිනැහෙයි.... ඒ සති දෙක තුනකට පසු තමන්ගේ මව හා සමාන මේරි අම්මාට කතාකල සතුටටයි...
"ඔය මේරි මැණිකට කන්දෙකක් වෙන රටකින් වත් ගෙනත් දෙන්න වෙයි එයාගෙ වස්‍තුවගෙ කටේ සැරට ඔරොත්තු දෙන්න..."
දුරකතනය ගෙන එය නොසැලකිලිමත් ව කැබින් එකට අත හරින ගමන් යීබෝ ඉදිරිපස බලාගෙන කීවේය ....
" එයාට දැං කන් ඇහෙනව අඩුයි කැප්ටන්... වයසයිනේ..."
ශාන් වීදුරුවෙන් පිටත බලාගෙන කීවේය ...
" වයසයි...."
යීබෝ එය යලිත් ඇසුවේය ...
" හ්ම්ම්ම්ම්.... පව් මමා නැතිවුනාට පස්සෙ මාව බලාගත්තෙ මේරි අම්මා ... දැන් හැටකටත් කිට්ටුයි...."
YOU ARE READING
SOLDIER ... 👲👲 ( yizhan ff.... Complete )
Fanfiction❤️...... නපුරු උනත් ඔයා සංවේදී මනුස්සයෙක් බෝ.... 💚..... ආහ්.... ඒ ඇස්... මාව හොල්ලනවා..... ඉතින් නුඹ මට වෙන්න හෙවනක්.... ඉමක් නොපෙනෙන කතර අභියස ....