දහතුන්වෙනි දිගහැරුම ....

2.4K 545 165
                                    

SOLDIER .........👲👲

පාන්දර වන තුරුම යීබෝට නින්දක් තිබුනේම නැත..ශාන් වරින් වර කියූ මගෙ කැප්ට්න්ගෙ සුවද  වචනය ඔහුගේ හිතතුල දෝංකාර දෙන්නට විය..මේ ඇසුර යීබෝට සතුටක් වනවා සේම අනෙක් පසින් ශාන්ද ඔහුගේ ඇසුරට පෙම් කරන බව යීබෝට අවබෝධ විය... ඔහු තමන්ගේ පුහුණු සෙබලෙක් බව යීබෝ තදින්ම හිතට දැනුම් දෙන්නට පටන්ගත්තත් ඒ ඇස්වල කාන්තිය සිහිවන විට ඒ සියල්ල හිරු දුටු පිනි මෙන් වාෂ්ප වී යන අයුරු යීබෝට දැණුනි...

එදා කීවා වගේම ටිකක් ඉඩකඩ තියෙන මෙට්ටය උඩ ශාන් ඩාන්ස් දමන්නට පටන්ගෙන තිබුනි... යාන්තම් යීබෝගෙ දෙනෙත් පියවී යද්දී එකපාරටම ශාන්ගේ කකුලක් බඩ උඩට වැටුනි... ගැස්සී අවදිවුනු යීබෝ ඒ කකුල සෙමින් සිරුරෙන් ඉවත් කලේය ...තවත් විනාඩි කිහිපයකය පසු හීනෙන් මෙන් අඩුවකට අහුවෙන බව යීබෝට දැනුනි. දෑස් හැර බලන විට පපුව මත ඔලුව තියාගෙන ඇගට අතක් සහ කකුලක් ද දමාගෙන ශාන් නින්දේය.. යීබෝ ඒ මුහුණ දෙස බලා සිටියේය .... යලිත් විනාඩි කිහිපයකින් වෙනත් ඉරියව්වකට මාරුවන ශාන්ව දුටු යීබෝට සිනා පහලවිය...

' ආපුම දවසෙ උඩ ඇදේ නිදියන්න බෑ කියපු එක සාදාරනයි ...'

යීබෝ සිතුවේය ...  පාන්දර තුනහමාරට පමණ යීබෝ ශාන්ව අවදිකලේ ඉක්මනින් යායුතු නිසාය... යීබෝගෙ ඊයෙ හිතේ තිබුනු තරහත් දැන් නිවී ගොසින් ය..

" ශාන් .... ශාන් .... නැගිටින්න .... කෝ...
අපි යන්න ඕන..."

" අනේ.... බිනා...... තා චුට්ටක් ඉන්නම් කො........සෙද්ද......"

ශාන් කෙදිරිගාමින් කීවේය ...

' මල කෝලං හාවෙක් 'යැයි සිතමින් යීබෝ යලිත් ශාන්ට කතාකලේය ...

" ශාන් .... ශාන් ... කෝ නැගිටින්න ..."

එවරනම් හඩ වෙනස් බව අවබෝධ වී ශාන් ඇස් ඇරියේය ...

" ආහ්...වූ..... මගෙ ඔලුව ...."

ශාන් කෙදිරිගෑවේය .... එවිටම පෙරේදා නැටූ නාඩගම් එකින් එක සිහිවන්නට පටන්ගත්තේය ...

" කැප්ටන් ...."

ශාන් හිසරදය අමතක කර ඇදමතින් හිදගත්තේ කැප්ටන් කොහිදැයි බැලීමටයි ... ඇදේ අනෙක්පස අයිනක වාඩිවී ඔහු ශාන් දෙස බලාසිටිනු දැක ශාන් ඉක්මනින් බිම බලාගත්තේය ...

SOLDIER ... 👲👲  ( yizhan ff.... Complete  )Where stories live. Discover now