දාහතරවෙනි දිගහැරුම .....

2.4K 528 175
                                    

SOLDIER ....... 👲👲

ශාන් තවමත් කැප්ටන් ව ඇතහැරියේම නැත.... සතියක් මේ උණුසුම නැතිව මේ රුව නොදැක ඉන්නේ කෙසේදැයි ශාන් ඒ පපුව මත හිද දෑස් පියාගෙනම කල්පනා කලේය ...

" ශාන් .. කෝ දැන්  ඔලුව උස්සන්න ...."

,යීබෝ මෙතරම් වෙලා නිදහසේ මුදාගෙන සිටි ඔහුගේ දෑත් වලින් එක් අතකින් ශාන්ගේ හිස අතගාමින් කතාකලේය..

" TS ලා ඔහොම අඩන්නෙ නෑ.... හ්ම්ම්ම්... කෝ ඉතින්... කදුලු පිහදගන්න..."

ශාන් යීබෝගෙන් ඉවත්වී මේසය මත තිබුනි ටිෂූ බොක්ස් එකෙන් කොල  කිහිපයක් ගෙන කදුලු පිසදාගත්තේය....

" පපාට කතාකරමුද ශාන්...."

ඔහු එපා යැයි කියන්නට හිස සැලුවේය .... යීබෝට ශාන්ව යවන්නත් ලෝබය.... තව පැය කිහිපයකින් ඔහුගේ නිවාඩුව ක්‍රියාත්මක වේ.... ඉතින් ඔහු යා යුතුය...

" මම එනකල් පරිස්සමෙන් ඉන්න... ප්‍රශ්න දාගන්න එපා... තේරුනාද  ...."

පිටව යන්නට සූදානම්වී යලිත් යීබෝ දෙස බැලී ශාන් හට යීබෝ කීවේය .... ශාන් හිස සලා හා යැයි කියමින් කාර්‍යාලයේ දොර අසලටත් ගොස් යලිත් කැප්ටන් දෙස බැලුවේය .... තව වතාවක් සිපගන්නට සිතුනත් ශාන් බිම බලාගෙන යන්නට හැරුනේය ... යීබෝට ශාන්ගේ සිතුවිලි අවබෝධ විය...

" ශාන් ....."

බිම බලාගෙන යන්නට හැරුනු ශාන් යලිත් නතරවී යීබෝ දෙස බැලුවේය ...

" කෝ.... එන්න...."

ශාන් හෙමින් යීබෝ දෙසට ආවේය ....

" මම මේජර් සෙන් ව බලන්න යනවා මොනවද කියන්න ඕන..."

" මම හොදින් ඉන්නවා කියන්න ..."

ශාන් කීවේය ...

" හ්ම්ම්ම්...."

මෙතරම් ලඟට ඇවිල්ලත් හිස් අතින් යන්නේ කුමටදැයි සිතූ ශාන් යලිත් කැප්ටන් ව වැළදගත්තේය .... ඒ ඉතින් කැප්ටන් හිට්ලර්ගේ ද බලාපොරොත්තුව නිසාම ඔහුගේ මුවඟට සිනහවක් නැගුනි ....

⏳⏳⏳⏳⏳

මේ ගෙවෙන්නේ යීබෝ නිවාඩු ගොස් දෙවන දිනයයි... ඉතින් ශාන්ට නම් මේ දින දෙකත් කල්පයක් වැනිය.... ලඟින්ම සිටින බින් නම් ශාන්ගේ මේ වෙනස හොදින් තේරුම් ගෙන සිටියේය ..නමුත් කිසිවක් අසන්නට ගියේ නැත... පුහුණුවීම් වලදී පවා වෙනදාට කුමක් හෝ කට කැඩුනු කතාවක් කියන ශාන් මැලවී ගොසින්‍ ය.... මිතුරන් ඔහුව අවුස්සා ගන්නට උත්සාහ කලත් ඒවාද ව්‍යාර්ථ විය...

SOLDIER ... 👲👲  ( yizhan ff.... Complete  )Where stories live. Discover now