Meet ..

792 99 60
                                    


"සර් තව එකක් දාන්නද... "
අත ලගට දුන්න වීදුරුව එක උගුරට හිස් කරලා කොහේදෝ සිහියක ඉන්න කොල්ලගෙන් වේටර් ඇහුවේ කලින් ආව පාර කොල්ලා වැටෙන්න බිව්ව නිසයි...
ඒත් අද එයාට වීදුරුව අමතක වෙලා.. ඉදලා හිටලා බිව්වත් කොල්ලා Club එකට ආවම කවදාවත් මෙහෙම නොබී අහක බලන් ඉදලා නැති බව Club එකේ ඉන්න වේටර්ස් ලා හොදටම දන්නවා...

ඒත් වේටර් ගේ ප්‍රශ්නේට කොල්ලගෙන් කිසිම උත්තරයක් නෑ... එයා එකදිගටම කෙනෙක් දිහා බලාගන ඉන්නේ අදත් ඒ කෙනාව මගඇර ගන්න කොහොමටවත්ම බැරි නිසයි...

" අපිට තව Bottle එකක් ගේන්න... "

" ඔහ්... ඔයා හරිම ලස්සනයිනේ... ම්ම්.. ටිකක් මෙහාට එන්නකෝ..."
වීදුරු ටික ට්‍රේ එකෙන් තියලා යන්න හැරෙනවත් එක්කම එතන හිටිය එක මනුස්සයෙක් කෙල්ලගේ අතින් ඇදලා ගත්තේ කෙල්ලත් වේගෙන් සෝෆා එකේ ඉන්ද වෙද්දී...

" සමාවෙන්න සර්.. මම මෙතන වේටර් කෙනෙක් විතරයි ... මම කෙනෙක්ව එවන්නම්.. "
කෙල්ල ඉක්මනින් අත ගලවගන්න ගමන් සන්සුන්ව එහෙම කිව්වේ මේක එයාට හැමදාම සිද්ධ වෙන දෙයක් නිසා ලොකු කලබලයක් නැතුව...

" ආනී... එයාලා එපා.. ඔයා එන්න.. ඔයා තරම් ලස්සන නෑ මෙතන අනික් කවුරුත් ... ඇයි කෙල්ලේ ඔයා මේ වීදුරු අල්ලන්නේ.. මෙච්චර ලස්සන ඇගක් තියාගන...
කොච්චර නම් සල්ලි හොයන්න තිබ්බද... "
ඒ මනුස්සයා එහෙම කියද්දි කෙල්ල කලේ සමාවෙන්න කියලා ආයෙම ඔලුවත් නවලා එතනින් ගිය එක...

මේක හැමදාම එයාට අත්දකින්න වෙන දෙයක්.. කෙල්ල ලස්සනයි.. ඒත් එයා මෙතන වේටර් රස්සාව කරන්නේ ඒ ලස්සන විකුනන් කන්න තියෙන අකමැත්ත නිසා බව කවුරුත් පිලිගන්නේ නෑ... ඇග විකුනන්න ඕනි උනා නම් කෙල්ල මෙච්චර දුක් විදලා සල්ලි හොයන්නේ නෑ..

කඩිමුඩියේ තවත් බෝතල් දෙකක් අරන් කෙල්ල ඉක්මනට ආයෙම ගියේ ඒ මිනිස්සු ටික ගාවට...
කෙල්ල පෙනුමට හරිම පුංචියි.... ඒත් එයා බයක් සැකක් නැතුව ඒ බීලා වෙරිමතේ ඉන්න මිනිස්සු මැද්දෙන්ම ගිහින් ඒ බෝතලේ තියලා ඒකෙන් එතන තිබ්බ වීදුරු ටික පිරෙව්වේ ඒ මිනිස්සු ටික කෙල්ල දිහාවට කෑදර බැල්මක් දාද්දියි....
කෙල්ලත් ඒක දැක්කා.. ඒත් එයා පොඩ්ඩක් වත් ගැස්සුනේ නෑ.. තමන්ගේ පාඩුවේ එයා වැඩේ කරලා හිස් බෝතලේ අතට අරන් යන්න හැරුනත් ආයෙම තවත් කෙනෙක් ගේ අතක් කෙල්ලගේ ඉණ වටෙන් ගිහින් එයාව ඇදිලා ගියේ පළල් පපුවකට...
කෙල්ලගේ අතේ තිබ්බ හිස් බෝතලේ බිමට වැටිලා සලාං ගාන සද්දේත් එක්ක ම කෙල්ල ගැස්සුනා ...

DUΛL⏳ ( Completed )حيث تعيش القصص. اكتشف الآن