Sad Emotions ..

167 47 40
                                    


සිංදුවකුත් මුමුණ මුමුණ කොල්ලා වාහනේට නැග්ගේ අදත් තමන් වෙනුවෙන් බලන් ඉන්න ඒ පුංචි හිත් දෙක නිසා හිතේ පිරුන ලොකු සතුටකින්....

යමින්ගමන් එයා Flower shop එකක් ලගින් නතර කරලා කලින්ටත් වඩා ලොකු සුදු රෝස මල් පොකුරක් වාහනේ එහා සීට් එකට දාගත්තේ ඒක අතට දුන්නම කෙල්ලගේ මූණේ මැවෙන හිනාව මතක් කරගන තනියම හිනා වෙවී....

" හ්හාඅ ... තයෙනිදා ... යුන් ඔයා නිසා මගේ ජීවිතේ කොච්චර නම් ආදරණීය වෙලාද... "
එයා තනියම කියව කියව වාහනේ පාරට දැම්මා... වෙලාවත් බල බලම එයා වාහනේ පැදෙව්වේ සාමාන්‍ය වේගයෙන්....

ඒත් එක්කම.....

හැමදේම අදුරු උනා... කොල්ලගේ කාර් එක දෙපාරක් පිට පිට පෙරලිලා පාරෙන් එලියට යද්දි එයාගේ ඔලුව තදින් ස්ටියරින් වීල් එකේ වැදුනා..

වාහනේ කනපිට පෙරලෙද්දි කොල්ලා ගේ අතට ගුලි උනේ ඒ සුදු රෝස මල් පොකුර.. එයා ඇගිලි වලින් තදට ඒක පපුවට තද කර ගත්තා....

ඒ හිනාව... ඒ ඇස් ...
කොල්ලා අමාරුවෙන් හුස්ම අල්ලද්දි එයාගේ ඇස් ඉස්සරහ එයාට පෙනුනේ ඒ රූපේ... කෙල්ලගේ අහින්සක ඇස් තමන් දිහා බලන් හිටිය විදිය... එයාලගේ අතර හුවමාරු උන ඒ ආදරණීය සිපගැනීම්.....

එන්න එන්නම එයාට දැනුනේ ඔලුවේන් දැනුන වේදනාව එක්ක හුස්ම හිරවෙන වේදනාව... ඒත් ඊටත් වඩා එයාගේ පපුව රිදෙන්න ගත්තේ තමන්ගේ ආදරේ තමන් එනකන් බලන් ඇති කියලා හිතෙද්දි....

ඒ හිත තමන් වෙනුවෙන් මග බලනවා ඇති.. තමන්ගේ පුංචි පැටියා... ඒ කුසේ ඉදන් අප්පා එනකන් බලාගන ඇති...
ඒත් ටේහ්‍යුන් හිටියේ හුස්මක් ගන්නවත් බැරිව වේදනාවෙන්... මූණේ භාගයක්ම ලේ වලින් නෑවිලා...

ඒත් තවමත් ඒ අතට ඒ සුදු රෝස මල් පොකුර ගුලි වෙලා....

" ආහ්... මි මියානේ.... යුන්.... "
ඒ පොරොන්දුව ... හැමදාමත් ලග ඉන්න කරපු ඒ පොරොන්දුව අද තමන්ගේ අතින්ම කඩන්න වෙන එකට කොල්ලගේ හිතේ ඇති උනේ දැනෙන වේදනාවටත් වඩා ලොකු දුකක්.....

ඒ ඇස් පියවෙද්දි එයාගේ තොල් මිමිණුවේ එකම වචනයයි...

" සරන්හේ ... යු යුන්..... "

DUΛL⏳ ( Completed )Donde viven las historias. Descúbrelo ahora