Don't Leave me ..

204 57 12
                                    


ටේහ්‍යුන් Company එකෙන් එන ගමන් මග තිබුන Flower shop එකකින් ලස්සන සුදු රෝසමල් ටිකක් වාහනේට දාගත්තේ තමන් වෙනුවෙන් බලන් ඉන්න කෙනාව මතක් කරගන...
කොල්ලා තනියම හිනාවෙවී ගෙදරටත් ආවා....

දොරේ බෙල් එක ගැහුවත් දොර ඇරුනේ නෑ.. කොල්ලා දන්නවා තමන් ලග වැඩිපුර යතුරක් තියෙන බව... ඒත් මොකක්දෝ හේතුවකට එයාට ඕනි උනා කෙල්ලගෙම අතින් දොර ඇරෙනවට...
විනාඩි කීපයක් යනකන් මුකුත්ම සිද්ධ උනේ නෑ.. කොල්ලා බය උනේ නෑ කිව්වොත් වැරදියි....එයා බය උනා.. ටිකක් නෙවෙයි ගොඩක්.....

එයා ඉක්මනට තමන් ලග තිබ්බ යතුරෙන් දොර ඇරලා ඇතුලට දිව්වේ කෙල්ලට මොකක් හරි කරදරයක් ද බලන්න...
" ඉයුන් බී .... යුන්... කෝ ඔයා.. අනේ... "
කොල්ලා මල් ටිකත් විසික් කරලා දිව්වේ කාමර පැත්තට උනත් නිකමට කොල්ලා දැක්කා kitchen එකේ කවුරු හරි ඉන්න බව..

එයා දෙපාරක් නොහිතම දිව්වෙ kitchen එකට...
කෙල්ල හිටියේ සිංදුවක් මුමුණ මුමුණ මොනාදෝ සද්දෙට බ්ලෙන්ඩ් කර කර...

" යුන්...

ඉයුන් බී..... "
කොල්ලා දෙවනි පාර කෑගහද්දි කෙල්ල ගැස්සිලා හැරිලා බැලුවේ බ්ලෙන්ඩ් කරන එකත් නවත්තලා....

" හ්හ්.... අ ඔ ඔයා.... අනේ මට ඇහුනේ නෑ ටේහ්‍යු.... "
කෙල්ල ට ඒ වාක්‍ය සම්පූර්ණ කරන්න නොදී එයාගේ ලගට වේගෙන් ගිය කොල්ලා කෙල්ලව තදින් තුරුල් කරගත්තේ තමන්ගේ ආදරනීයම දේ තවත් කෙනෙක් හොරකන් කරයි වගේ ....

" ඉයුන් බී ... අනේ මම බය උන තරමක්.... ඔයා පේන්න නැති උන තත්පර ගානට මගේ ඔලුව පිස්සු නැටුවා...
අනේ ඔයා හොදින් නේද.... "
කෙල්ලගෙන් ඈත් වෙලා එයා කෙල්ලගේ උරහිස් වලින් අල්ලලා එහා මෙහා හැරෙව්වේ කලබලෙන්....

කෙල්ලත් හිටියේ හිතාගන්න බැරුව... ඒත් ටිකක් වෙලා යද්දි කෙල්ලට නම් ඒ බය උන මූණ දැකලා හිනා ගියා....
" ඔයා බය උනාද.... "

" නැතුව... හම්මේ.. අ අනේ ආයේ මට නොපෙනෙන දුරට යන්න එපා යුන්.. මම පිස්සෙක් වෙයි....
දෙයියනේ මාව තාම ගැහෙනවා.... "
කොල්ලා පපුව අල්ලන් කියද්දි කෙල්ල ආයාසයෙන්ම හිනා උනේ හිත ඇතුලෙන් කදුළු ගඟක් එක්ක...

DUΛL⏳ ( Completed )Where stories live. Discover now