Sorry ..

187 52 10
                                    


Company එකට යද්දිත් කොල්ලගේ Meetings වලට ඔක්කොමලා ලෑස්තිවෙලාත් ඉවරයි...
කඩිමුඩියේ ෆයිල්ස් ටිකත් අරන් එයා meeting room එකට යන්න හැරුනා..

" ජන්... මේක තියාගන්න... කෝල් එකක් ආවොතින් මට ගෙනත්දෙන්න... තේරුනා නේ.. "
තමන් එක්කම එතන හිටිය ටිකක් උස වගේම ප්‍රියමනාප කොල්ලෙක්ට ටේහ්‍යුන් එයාගේ phone එක දුන්නා..

" අහ්.. දේ තේරුනා සර්... "

*****

ටේහ්‍යුන් ගිය ගමන්ම කෙල්ල දුවලා ගිහින් දොර දෙපාරක්ම ලොක් කරලා extra locks ටිකත් දැම්මා..
එදා වගේ ආයෙමත් උන් තමන්ව හොයාගන එන බව කෙල්ල දැනගනයි හිටියේ...

බර හුස්මක් පිටකරලා කෙල්ල වෙනදා වගේම එයාගේ වැඩ වලට යොමු උනේ ටේහ්‍යුන් ගැන කල්පනා කර කර මූණ රතු කරගන්නත් අමතක නොකර...

කලින් දවසේ ටේහ්‍යුන් ගෙනාව සුදුරෝස මල් ටික අද ඊයෙට වඩා ටිකක් පර ගතියක් පෙනුනා...
කෙල්ල වාස් එක පිටින්ම ඒක අරන් ගිහින් ඒකට අලුත් වතුර ටිකකුත් දාලා ආයෙම ඒක උස්සන් ඇවිත් සාලේ මේසේ උඩින් ගෙනත් තිබ්බා...
" හ්හාඅ ... ඒකත් හරි... "
අත්දෙක එකට අතුල්ලලා ගසන ගමන් කෙල්ල වාස් එකේ තිබුන රෝස මල් ටික දිහා බලාගන ලස්සනට හිනා උනා...

ඒ එක්කම මහා සද්දයක් එක්ක පැත්තේ window එකත් කඩාගන ලොකු ගලක් ගේ ඇතුලට වැටුනේ කෙල්ල කෑගැස්සිලා පපුව අල්ලගනිද්දී...
එසැනින් තවත් Window එකක්..
කෙල්ලව බයටම දොග් ගාලා බිම ඉන්ද උනා.. ගෙදර තිබුන ඔක්කොම වීදුරු ජනෙල් ටික බිදෙද්දී... තවත් කෙනෙක් දොර කඩන්න හදනවා..

කැඩෙන කැඩෙන ජනේලේ පැත්තට හැරි හැරී කෙල්ල බයෙන් ගැහෙද්දි දොරට ගහන සද්දේට කෙල්ල ඒ පැත්ත බැලුවා...
" ඒයි ... මේක අරිනවා.. උඹ කවුරු කියලා හිතන් ද ඉන්නේ... ආ... ඇරපං මේක අපි මේ ගේ සමතලා කරන්න කලින්... "

උන් කෑගගහා දොරට ගහද්දි කෙල්ල වෙවුල වෙවුල කදුළු පෙරි පෙරීම phone එක හොයාගන දිව්වේ මේ වෙලාවේ එයාට උදව් කරන්න පුළුවන් එකම කෙනාව සිහි කර කර....
Kitchen එකේ තිබිලා කෙල්ල phone එක අතට ගත්තත් හදිස්සියට වගේම වෙවුලන ඇගිලි නිසා ඒක දෙපාරක් තුන්පාරක්ම අතෙන් ලිස්සලා වැටෙන්නත් ගියා....

DUΛL⏳ ( Completed )Where stories live. Discover now