I Can't ..

171 47 17
                                    


කෙල්ලගෙන් ආව ලා කෙදිරිලි සද්දෙ එක්ක කොල්ලව ගැස්සිලා ඇහැරවුනා... උකුලේ තිබ්බ කෙල්ලගේ ඔලුව අතගගා ම කොල්ලටත් නින්ද ගිහින්...
" ඔහ්... රෑ වෙලා.. "
කොල්ලා හෙමීට කෙල්ලව ඇදෙන් තියලා නැගිට්ටා...
කෙල්ලගේ නළලටත් හාදුවක් දීලා කොල්ලා ඉක්මනට දිව්වේ කෙල්ලට බොන්න සුප් එකක් හදන්න හිතන්...

කඩිමුඩියේ සුප් එකකුත් එක්ක කොල්ලා කාමරේට එද්දි කෙල්ල ලා කෙදිරියක් එක්ක තද නින්දේ හිටියේ...
" යුන්.... princess ... මේක බොමු කෝ... ම්ම්... "
කෙල්ලගේ ඔලුව අතගාන ගමන් කොල්ලා අහද්දි කෙල්ල අමාරුවෙන් ඇස් ඇරියා..

" මම සුප් එකක් හැදුවා යුන්.. අනේ බොන්නකෝ... ඔයාට දවල්ට කැවුනෙත් නෑ හරියට... "
කෙල්ලගේ තුවාල උන අත ලාවට අතගාන ගමන් කොල්ලා ඇහුවත් කෙල්ල කලේ බෑයි කියලා ඔලුව වනපු එක...

" අනේ බෑ කියලා කොහොමද.. කෝ නැගිටින්නකෝ... මම උදව් කරන්නම්.. "
කෙල්ලව ඇදේ විට්ටමට හේත්තු කරලා කොල්ලා සුප් හැන්දක් කට ලගට ලං කලා...

" ම... ට බොන්න... බ් බෑ ටේ... "
ඇගට දැනුන අමාරුවයි අතෙන් ආව වේදනාවයි නිසා කෙල්ලට කෑම අප්පිරිය ගතියයි...

" අනේ යුන්... ඔයා කාලා නෑ නේ... අනේ එක කටක් කන්න.. "
කොල්ලා කොයිතරම් පිංසේන්ඩු උනත් කෙල්ල කෑවෙ නැත්තේ තවමත් සිහි මද ගතිය නිසා..

" යුන්... ඇයි ඔයා මට මෙහෙම කරන්නේ... ඔයාටම තුවාල කරගන දැන් නොකාත් ඉන්නවා...

පේනවද මට රිදෙනවා කියලා... ඔයාට රිදෙද්දි මටත් රිදෙනවා ... ඇයි යුන් මේ... මම මොනා කලාටද මේ... "
කදුළු ගලද්දි කොල්ලා බැන බැන කෙල්ලගේ ඔලුව අතගානවා..

කොල්ලගෙත් මූණ මැලවිලා.... කෙල්ල හා සමානව ඒ ඇසුත් රතු වෙලා.. එයත් ඉන්නේ වේදනාවෙන්.... තමන්ගේ ආදරේ ට දැනෙනවා වගේම..

" ට් ටේ.... අ අනේ ඔයා අඬනවද... හජිමා... "
ටේහ්‍යුන් ගේ කදුළු ඉස්සරහ කෙල්ලගේ වේදනාව එයාට නොදැනී ගිය තරම් වගේ ... එයා අනික් අතින් කොල්ලගේ කම්මුල් පිහ දැම්මා....

" චුට්ටක් බොන්නකෝ ම් .. "
ආයෙමත් කොල්ලා සුප් හැන්ද ලං කරද්දි කෙල්ල ලාවට හිනාවෙලා කට ඇරියේ කොල්ලගේ මූණේත් හිනාවක් ඇදෙද්දි...

DUΛL⏳ ( Completed )Where stories live. Discover now