Still waiting ..

148 46 19
                                    

වැස්සේ තෙමීගනම ටේහ්‍යුන් කෙල්ලවත් එක්කන් ගෙට ඇවිත් එයාව සෝෆා එකෙන් තිබ්බේ ටවල් එකක් හොයාගන යන්න ..

කෙල්ලගේ කොන්ඩේ පුංචි පුංචි වැහි බිංදු රැදිලා තිබුනා...

" යුන්... කෝ එන්න... "
සෝෆා එකේ වාඩිවෙලා හිටිය කෙල්ලගේ ලගින් හිටගන ටේහ්‍යුන් එයාගේ උරහිස් ලගට තිබුන කොන්ඩේ හෙමින් හෙමින් පිහදැම්මා..

" ඔයාගෙත් තෙමිලා.. ඉන්න මම පිහදාන්නම්.... "
හිනාවෙලා කෙල්ලත් ටවල් එක අරන් සෝෆා එක උඩ හිට ගත්තේ ටේහ්‍යුන් තමන්ට වඩා ගොඩක් උස නිසා...

" යමු... අපි කෑම කමු.. ඔයාට බෙහෙත් බොන වෙලාවත් හරි.. "
කෙල්ලගේ අතකින් අල්ලගන එයා ගියේ කෑම මේසේ ලගට...

ඒත් කෙල්ල වැඩිය කෑමට පිරියක් දැක්කුවේ නෑ....
" යුන් ඇයි .. ඔයාට සනීප නෑ වගේද... ස්ස් තෙමුනත් එක්ක ... "
ටේහ්‍යුන් නැගිටලා කෙල්ල ලගට ඇවිත් එයාගේ නළලටයි බෙල්ලටයි අත තියලා බැලුවේ කෙල්ලට උණද කියලා...

ඒත් එහෙමට නම් එයාට උණක් තිබුනේ නෑ..
" උණක් නම් නෑ... ඇයි මම මොනා හරි ඕඩර් කරන්නද ම්ම්.. "

" එ එපා ටේ... මට එච්චර කන්න හිතෙන්නේ නෑ අනේ.... ඇයි මන්දා... "

කෙල්ල එහෙම කියනවත් එක්කම ටේහ්‍යුන් ට මතකෙට ආවේ ඩොක්ටර් කිව්ව දේවල්...
කෙල්ල කෑම කන එක අඩුකරන එක රෝග ලක්ෂණයක් කියලා....

" හ්ම්ම්... ඉන්නකෝ මම සුප් එකක් හදන්නම් හොදද... ඒක බීලා බෙහෙත් බොන්න...

ඒ බෙහෙත් සැරයි නේ යුන්.. හිස් බඩ බොන්න එපා.. "
කෙල්ලගේ ඔලුවත් අතගාලා කොල්ලා එතනින් නැගිට්ටේ කෙල්ලට සුප් එකක් හදන්න...

කෙල්ලත් ප්ලේට් එක හෝදල දාලා සාලෙට ගියත් ආයෙමත් එයාට කැරකිලි ගතියක් ආවා ..
" ට් ටේ .. හ්... "
වැටෙන්න ගිහින් සොෆා එකේ ඇන්දට බර වෙන ගමන් කෙල්ල පුළුවන් වෙහෙස දාලා කොල්ලට කතා කලා...

" අ අනේ... ටේ මට... මට ටිකක්... ඔලුව කැරකෙනවා වගේ.... ඔහ්... "
කෙල්ල කියද්දිම සිහි නැතිවෙලා ඇද වැටුනේ කෙල්ලගේ සද්දෙට සාලෙට දුවන් ආව ටේහ්‍යුන් අඩියෙන් දෙකෙන් කෙල්ල ලගට ගිහින් එයාගේ ඉනෙන් අල්ලගන තමන්ට බර කර ගනිද්දි...

DUΛL⏳ ( Completed )Where stories live. Discover now