තමන්ගේ තුවාලෙන් කොයිතරම් වේදනාවක් ආවත් ටේහ්‍යුන් ට දැන් ඒ කිසිම දෙයක් නොදැනුන ගානයි...
මළමිනියක් වගේ එයා ආපහු ගෙදර ගියේ කෙල්ලගේ බෙහෙත් ටිකත් අරන් ආපහු යන්න හිතාගන...." මට තේරෙන්නේ නෑ ඔයා ඇයි එක පාරට වෙනස් උනේ කියලා යුන්... "
ටේහ්‍යුන් තමන්ටම මුමුණ මුමුණ බෙහෙත් ඔක්කොම දාපු කවරෙම අතට අරන් මේසේ උඩ තිබ්බ යතුරත් අරන් යන්න හැරෙද්දි කොල්ලගේ ඇස් ගියේ සුප් භාජනේ එක්කම තිබ්බ කොල ටිකට....තුවාලේ ඇදෙන වේදනාවට කෙදිරි ගෑවෙද්දි කොල්ලා මේසෙට හේත්තු වෙලා ආයෙම divorce papers ටික අතට ගත්තා....
" ඔයාට මගේ අතින් මොනා හරි වැරැද්දක් උනාද පණ... මෙච්චර ලොකු තීරණයක් ගන්න තරම්... මං දන්නවා ඒ ඔයා නෙවෙයි නේද යුන්... ? "එයා ආයෙම ඇගිලි ඇතිල්ලුවේ කෙල්ලගේ අත්සන උඩ...
තවමත් කොල්ලගේ අත්සන වැදුනු නැති ඒ කොල ටික එක පාරින්ම ඉරලා දාන්නයි කියලා එයා අතට තද කර ගත්තත් ඒ එක්කම දැකපු දේ නිසා පොඩිඋන කොල ටික එයා ආයෙත් මේසේ උඩ තියලා අතකින් පිරිමැද්දා..." අහ්.... "
කෙල්ලගේ අත්සන ලගින්ම තිබුනු තින්ත ටික බොදවෙලා තිබුනා... තවත් හොදට බලද්දි එයා දැක්කා තවත් තැන් දෙක තුනක print කරපු අකුරු වල තීන්ත බොදවෙලා ගිහින් කියලා...
" ඔයා ඇඩුවද යුන්... ? "ඉනත් අතකින් තද කරන් කැම මේසේ පුටුවට බරවෙලා එයා තදින් හුස්ම ගත්තෙ කොල ටික ඇගිලි වලින් තද කරලා අල්ලගන්න ගමන්....
" එතකොට ඒ ඇත්තටම ඔයාද... සොල්මා ඔයා මට බොරු කරනවද යුන්..ඔයාමද මේක අත්සන් කලේ ? දෙයියනේ ඇයි එහෙම කලේ පණ.. "
අතකින් නළල තෙරපන ගමන් මේසෙට බර වෙලා එයා නැගිට්ටේ මේක කෙල්ලගෙන්ම අහලා දැන ගන්න හිතාගන...කොල්ලට දැනටමත් හොදටම ඇඩිලා.... එකදිගට වැටෙන එයාගේ කදුළු නිසා මේසේ උඩ තිබ්බ කොල ටිකේ ඉතුරු වචනත් එකින් එක බොද වෙන්න ගත්තා...
" ඔයා මට අකමැති ද.... ? අහ් මගේ ආදරේ ඔයාට කරදරයක් ද යුන්... ? "
වෙවුලන අතෙන් එයා කොල ටික මේසෙ උඩට දාලා කොර ගගහම ගිහින් ආයෙම වාහනේට නැග්ගේ එන්න එන්නම පෑරිලා ලේ ගලන තුවාලේ නිසා වේදනාව වැඩි උනත් ලේ වලටම පෙගුන ඇදුම වත් මාරු නොකර...
BẠN ĐANG ĐỌC
DUΛL⏳ ( Completed )
Fanfiction~ About Love Syndrome ~ ~ Dissociative Identity Disorder ~ * Hard past * True Love * And Lost මට සල්ලිත් නෑ... මම ලස්සනත් නෑ.. අනික මම ඔම්මා අප්පා නැති අනාතයෙක් කියලා දැනගනත්.. ඇයි.. මේ තරමට මට.... ? මට ඔයාට දෙන්න කියලා කිසිම දෙයක් නෑ ටේහ්‍යුන්...