Because ..

150 48 15
                                    

" යුන් ... නැගිටින්නේ නැද්ද ම්ම්.. "
ටේහ්‍යුන් තමන්ගේ පපුවට තුරුල් වෙලා උණුසුම ට නිදන් ඉන්න කෙල්ලගේ කම්මුලකට ලාවට තොල් තියලා අහද්දි කෙල්ල හීන් කෙදිරියක් පිට කරලා තවත් කොල්ලගේ පපුවට තුරුල් උනා මිසක් නැගිටින්න නම් අදහසක් නෑ...

කෙල්ලගේ කියුට් හැසිරීම නිසා කොල්ලට හිනා ගියත් එයා ආයෙම කෙල්ලගේ කනක් ලාවට හැපුවේ කෙල්ලව ඇහැරවන්න ඕනි නිසා....
" ම්ම්හ්.. ටේ.. අනේ ඉන්න දෙන්නකෝ... "

කෙල්ල සැනින් කොල්ලගේ පපුවට අතක් තියලා එයාව එහාට කලා....

" අනේ අනේ... දවල් වෙලා මෝඩ කෙල්ලේ... බඩගිනි වත් නැද්ද අඩුම තරමේ.... "
අහකට තල්ලු වෙලා ඉන්න ගමන්ම කොල්ලා කියද්දි කෙල්ල ලාවට එක ඇහැක් ඇරියා..

" බඩගිනී නම් තමා ටිකක්.. "
මොකුත් නොදන්න ගානට හිනාවෙලා කෙල්ල කියද්දි ටේහ්‍යුන් ආයෙම පැනලා කෙල්ලගේ නහයේ තමන්ගේ නහය ගෑව්වේ පෙක් එකකුත් දීලා....

" යමු... අද... ම්ම්. අපි මොනා හරි ඕඩර් කරමුද... වෙනසකටත් එක්ක... "
කොල්ලා අත පත ගාලා bed table එක උඩ තිබ්බ phone එක අතට ගත්තා...

" මොනාද ඕනි යුන්... pizza .. ? ම්ම් නැත්තන් .. "

" හා... Pizza හොදයි ... "
ඇදේ එහායින් ඇලවෙලා phone එකත් කනේ ගහගන ඇද විට්ටමට බර උන කොල්ලගේ පපුව උඩට ඔලුව තියාගන කෙල්ල බලෙන්ම කොල්ලගේ අතක් ඉනවටේ ඔතාගන ගුලි උනා...

ඕඩර් කරලා ඉවර වෙලා කොල්ලා බැලුවේ ඉයුන් බී දිහා... කෙල්ල ආයෙමත් පපුවට ඔලුව තියන් හොදට නිදි...
" අනේ අනේ මේ කෙල්ල නම්... "
චොක් ගාලා කෙල්ලගේ නළල සිපගන්න ගමන් කොල්ලා තමන්ටම කියාගත්තේ කෙල්ල ටත් ඒකට හිනාවක් යද්දි....

" ම්ම්... ඇහැරලද.. කෝ ඉතින් මේ කම්මැලි කෙල්ල එක්ක බෑ නේ.. තව ටිකකින් ඕඩර් එකත් එයි අයියෝ .. "
කෙල්ලවත් එක්කලාම කොල්ලා ඇදේ වාඩි උනත් කෙල්ල නම් තවම ඇස් පියාගන...

" ඔයා ඇස් අරින්නේ නැද්ද... හ්ම්ම්... ඇරියොත් කිස් එකක් දෙන්නම්... හාද.. "
කෙල්ලගේ මූණට නැඹුරු වෙලා කොල්ලා කියද්දි සැනින් කෙල්ලගේ ඇස් ඇරුනේ කිසිම නිදිමතක් නෑ වගේ...

" චහ්.... ඇත්තටම ඒකද මේ දැවටෙන්නේ පූසෙක් වගේ ... හහ් හහ්.. "
දෙන්නටම ඒකට හිනා යද්දි කොල්ලා හිතලම කෙල්ලව ඇදේ පෙරල ගත්තේ එකිනෙකාගේ ඇස් ඔවුනොවුන් ගේ තොල් වලට යොමු වෙද්දි....

DUΛL⏳ ( Completed )Where stories live. Discover now