Saranghae ..

200 52 12
                                    


කෝප්පෙකුත් අතට අරන් ඉයුන් බී තේ හදන්න ලෑස්තිය.. ටේහ්‍යුන් ගේ ඇස් වලින් නම් ගැලවීමක් නෑ...
කෙල්ලගේ හැම ඉරියව්වක් ම කොල්ලා පැන්ට්‍රි එකට හේත්තු වෙලා බලාගන හිටියා...

" ඇයි ඔහොම බලන්නේ... දවලුත් බලන් හිටියා... "
කෙල්ල තේක හදලා කොල්ලගේ ලගින් තිබ්බෙ ඒක අහගන...
" තේක ටේහ්‍යුන් ශී ... "

කටකොනට හිනාවක් ගත්ත කොල්ලා රස්නෙපිටින්ම හැදුව තේක මුලු අතින්ම අල්ලලා ඉස්සුවේ කෙල්ල කෑගහද්දි...
" දෙයියනේ රස්නෙයි.... පිච්චෙයි...ඔය... "

කෙල්ල කියද්දි කොල්ලා කෝප්පේ අතට අරන් රස්නේ නිසාම ඒක දොග් ගාලා තිබ්බේ පිච්චුන අත හොලව හොලව ...
" ආහ්.... ස්ස්.... අම්මෝ ඒක ගොඩක් රස්නෙයි... "

කොල්ලගේ රතු උන අත නිසා කෙල්ලව ඒ පැත්තට් දිවවුනා...
" අනේ.... ටේහ්‍යුන් ශී ... කෝ... කෝ බලන්න... ස්ස්... "
කෙල්ල හිටියේ පුදුම තරම් බය වෙලා.... කොල්ලට නම් ඒ හැටි ගානක් තිබ්බෙ නැති උනත් කෙල්ලගේ ඉස්සරහා ටිකක් වැඩිපුර පෙන්නුව නිසා කෙල්ල නම් කදුළු පුරවගන කොල්ලගේ අතට පිඹින්න ගත්තා...

ආයෙමත් කටකොනින් හිනාඋන ටේහ්‍යුන් කෙල්ලගේ ඉනෙන් අල්ලලා එයාව මේසේ උඩින් තියලා තමන්ගේ අත්දෙකත් දෙපැත්තට තිබ්බේ කෙල්ලට ගැලවෙන්න බැරි විදියට....
"ඔමොහ්... "

ඉස්සිලා මේසේ ඉන්ද වෙලත් කෙල්ල හිටියේ ඇසුත් ලොකු කරන් හිතාගන්න බැරුව කොල්ලා දිහා බලාගන...
" මේ... ආහ් ටේහ්‍යුන් ශී අනේ ඇ ඇයි මේ.... "
කොල්ලගේ අගල් කීපයක් එහයින් තිබ්බ ඒ ඇස් නිසා කෙල්ල ටිකක් රතු වෙලා...

" කුමාඕ යුන්... මට වගේම ඔම්මලාටත් ආදරේ කරනවට.... "
කොල්ලා ඒ ඇස් එක්ක හිනා වෙද්දි කෙල්ල බිම බලාගත්තේ ටේහ්‍යුන් ගේ ඔම්මලා තවමත් අකමැති බව කියාගන්න බැරි නිසා...

" ඒ වගේ ම සරන්හේ යුන්... "

" ටේහ්‍යුන් ශී ... මොකද මේ... "
කොල්ලා මූණට එබීගන ම කිව්ව ඒ වචන ටිකට කෙල්ල ඔලුවත් උස්සලා බැලුවේ එකපාරට කොල්ලා මෙහෙම හැසිරෙන්නේ ඇයි කියලා....

අනික දැන් කෙල්ලගේ හිතත් උණුසුමක් හොය හොය ඉන්න වෙලාව....
" ම්ම්.... අපි කසාද බැදලත් ඔයා මට කියන්නේ ටේහ්‍යුන් ශී කියලද ... "
කොල්ලා මූණ බෙරි කර ගත්තා...

DUΛL⏳ ( Completed )Where stories live. Discover now