Innocent Eyes ..

162 46 20
                                    


විනාඩි පහක් හයක් කෙල්ල වාඩිවෙලා හිටියත් වටා පිටාවේ පෙනුන කලබලකාරී චලන නිසා කෙල්ල එතන ඉන්න බය උනා.. ටේහ්‍යුන් බැන්නත් කමක් නෑ කියලා කෙල්ල දොර ලගට ගියත් බාගෙට වැහිලා තිබුන දොරෙන් ටේහ්‍යුන් ගේ කෑගැහිල්ල ඇහුන නිසා කෙල්ල එතනම නතර උනා...

.
.

" මොකක්... එයා කියන්නේ ඒක ලෙඩක් කි කියලද... ? "
එන්න එන්නම හුස්ම ගන්න වේගේ වැඩිවෙද්දි කෙල්ල පපුව තදින් මිරික ගත්තේ තමන්ගේ කන් වලට ඇහෙන මේ දේවල් විශ්වාස කරගන්න බැරි කමට....

" ට් ටේ.... "
කදුළු බේරි බේරි කෙල්ල ටේහ්‍යුන් ට කතා කලේ තවත් අහගන ඉන්න බැරිම තැන... එන්න එන්නම හුස්ම හිරවෙනවා වගේ දැනුන නිසා කෙල්ලට ඕනි උනා මෙතනින් යන්න...

කොල්ලා පපුවත් අල්ලගන දොර ලගට දුවන් එද්දි කෙල්ලගේ කකුල් එයාව ටේහ්‍යුන් ගෙන් ඈතට ගෙනිච්චා....

කොල්ලට මූණ දීගන්න බැරි බවක් එයාට දැනෙන්න ගත්තා... තමන් මානසික රෝගියෙක් කියලා හිතෙද්දි කෙල්ලට තමන් ගැනම පිලිකුලක් එන්න ගත්තා...

කෙල්ල අතකින් කටත් වහගන තමන්ගේ ලගට දුවන් එන ටේහ්‍යුන් ගෙන් පුළුවන් තරම් ඈතට දිව්වේ කොල්ලට මූණ දීගන්න විදියක් නැති කමට....

" යුන්... අනේ නවතින්න ... යුන්... "

කෙල්ල අඩ අඩම සුදු ටයිල් කොරිඩෝ එක දිගේ ඉස්සරහට දිව්වේ තවත් නර්ස් කෙනෙක් ගේ ඇගෙත් හැප්පිලා...

" අනේ ඔය... ඔයා වැටෙයි ... අනේ මං කියන දේ අහලා ඉන්නකෝ යුන්... "
කොල්ලා වේගේ වැඩි කලා... නර්ස් වත් පහු කරගන දුවලා ගිහින් එයා කෙල්ලගේ අතකින් අල්ලලා එයාව බිත්තියට තල්ලු කලේ නවත්ත ගන්න බැරිම තැන...

කෙල්ල ටේහ්‍යුන් ගෙන් මූණ හංගගන හයියෙන් අඬන්න ගත්තේ කොල්ලාත් කදුළු පුරවගන කෙල්ලව තුරුල් කරගනිද්දි...
" අනේ පණ... ටිකක් අහලා ඉන්නකෝ මම කියන දේ... කලබල නොවී.. ම්ම්.. "
කෙල්ල ටේහ්‍යුන් ගේ කමිසේ පපුව ලගින් අතට ගුලි කරන් ඉකිගහනවා...

" මොනාද... ටේ... ඒ කියන්නේ.... මම ... හ්... මම පිස්සියක් ද... ට් ටේ... "
ඉකිය අස්සෙන් කැඩුන වචන ටිකක් කෙල්ල පිට කරද්දි ටේහ්‍යුන් සැනින් කෙල්ලගේ කම්මුල් දෙක අත් වලින් අල්ලගන තමන් දිහාට හරෝගත්තා...

DUΛL⏳ ( Completed )Where stories live. Discover now