My Girlfriend ..

175 51 17
                                    

මිසිස් කිම් පපුවත් අල්ලගනම සෝෆා එක උඩ ඉන්ද උනා...
" මොකක්ද මේ ... එතකොට ... එතකොට ඔයා... අදල් ඔයා මේ අනුන්ගේ ලමෙක්ද හදාගන්න ලෑස්ති වෙන්නේ... "

" ආනිහ් ඔම්මා... ඒ මගේ දරුවා.. මගෙයි යුන් ගෙයි පැටියා.. එයා මගේ ඔම්මා... "
කොල්ලා දැන් නම් හිටියේ හිත හොදින් නෙවෙයි ....
එයා කෙල්ලවත් අල්ලගන නැගිට්ටා....

" මොහ්... හහ්... මේ Club වල හිටිය කෙල්ලෙක්ට බඩට දරුවෙක් එන එක පුදුමයක් නෙවෙයි... නේ...

ඒත් එහෙම වෙලත් අදල් ඔයා... ඔයාට තිබුනා මොලේ කල්පනා කරන්න... "
මිසිස් කිම් ඔලුවේ අතගහන් කලකිරීමෙන් කතා කරද්දි මිස්ටර් කිමුත් එතනින් වාඩි උනා..

" අදල්... ඇත්තටම ඒ ඔයාගේ දරුවද... "
ඒ මිස්ටර් කිම්... එයා ටේහ්‍යුන් ගේ ඔම්මට වඩා ගොඩක් නිවුන කෙනෙක්....

මේ ප්‍රතිචාර දැකලා කෙල්ල හිටියේ ඉකි ගගහා... ටේහ්‍යුන් ගේ ගෙදරින් ඒ දරුවා තමන්ගේ අදල්ගේද කියලා අහද්දි කෙල්ලට දැනුනේ පුදුම තරම් අසරණ බවක්... කෙල්ල ටේහ්‍යුන් ඇරුනම වෙන කිසිම පිරිමියෙක්ව ආශ්‍රය කරලා තිබ්බේ නෑ... ඒත් හැමදාමත් චෝදනාව එන්නේ දරුවව දරාගන ඉන්න ගෑනියට....

" ඔම්මා.... මමයි... මමයි එයාට දරුවෙක් දුන්නේ.... යුන් කවදාවත් වෙන මිනිස්සු එක්ක නිදාගත්ත කෙනෙක් නෙවෙයි ඔම්මා... ඇයි මෙහෙම එයාව අසරණ කරන්නේ..

මම යනවා.. ආයේ ආවත් තනියමයි එන්නේ.. මට බෑ ඔයාලගේ මේ පිහිතුඩු වගේ වචන නිසා යුන් අඩනවා බලන් ඉන්න... "
කෙල්ලවත් එක්කගන කොල්ලා ආයෙම යන්න හැරුනා....

" අදල්.... ඔය ගෑනි බොරුවක් නම් කරන්නේ... ? ඇයි අපි කියන දේ හිතන්නේ නැත්තේ.... කවුද දන්නේ එයා තව මිනිස්සු එක්ක හිටියද කියලා... ඔය අවජාතක දරුවෙක් නම්...? "
මිසිස් කිම් කෙල්ල දිහා පිලිකුලෙන් වගේ බලද්දි කෙල්ලගේ කදුළු ආයෙත් අලුත් උනේ , නැහැයි කියන්න ඔලුව දෙපැත්තට වනන අතරේමයි... කෙල්ලට කතා කරගන්න බෑ... මේ වචන ඉස්සරහා කෙල්ල නිරුත්තර නැති උනත් කතාකරගන්න තරම් ශක්තියක් කෙල්ලට දැන් නෑ... එයා ගොලු වෙලාම ඔලුව දෙපැත්තට වැනුවා...

ටේහ්‍යුන් ගේ ඇස් රතු උනේ තමන්ගේම ඔම්මා වෙලත් තමන්ගේ එකම ආදරේ යුන් කියලා දැන දැනත් මිසිස් කිම් කිව්ව ඒ වචන වලට....
" ආයිශ් ඔම්මා... එයාගේ බඩේ දරුවෙක් ඉන්නවා.... මොනාද ඔයා මේ කියන කතා ... ඔයාලා යුන්ට සලකන්නේ ඔහොම නම්...

DUΛL⏳ ( Completed )Where stories live. Discover now