Pain ..

178 48 39
                                    

" ආනී යුන්.... අ අනේ අහන්නකෝ.. ඔයාගේ අතෙන් වැරදිලා වැටෙන්න ඇත්තේ.. අනේ දැන් අඬන්න එපා ... "
කෙල්ලගේ ලගින් ම දණ ගහගන කොල්ලා එයාව තුරුල් කරගනිද්දි කෙල්ල තවත් ගුලි වෙලා ඇඩුවේ තමන් ගැනම දැනුන අමුත්ත නිසා...

" ආනී...හ්.. මොකක්ද උනේ කියන්න ටේ... මට.. මට මහ අමුත්තක් දැනෙනවා..

මං ගැනම... "
කොල්ලගෙන් ඈත් වෙලා එතනින් නැගිටින ගමන් කෙල්ල ආයෙමත් එයාගේ කම්මුල් තදින් පිහිද ගත්තා...

" යුන්.. ඔයා ටිකක් rest කරන්න.. "
කෙල්ලගේ අතකින් ඇදගන කාමරේට එක්කන් ගිහින් කොල්ලා එයාව ඇදෙන් වාඩි කෙරෙව්වා...

" ඔයා මොනා හරි දන්නවා ටේ... ඇයි මට එහෙම හිතෙන්නේ... "
ආපහු යන්න හැරුන කොල්ලගේ අතකින් අල්ලගන කෙල්ල අහද්දි ටේහ්‍යුන් තොල් තද කර ගත්තේ ඉයුන් බී ට ඒක කොහොම කියන්නද කියලා හිතන්...

" යුන්... මම... මම මේක නිකන් අහන්නේ... මට උත්තරයක් දෙනවද.. ම්ම්.. "
කෙල්ල අහපු ප්‍රශ්නේ ට කොල්ලගෙන් ආවෙත් ප්‍රශ්නයක් ... එයා කෙල්ලගේ ලගින්ම ඇදේ වාඩි උනා...

" හ්ම්ම්... "
ටේහ්‍යුන් ගේ අතකින් තද කරලා අල්ල ගන්න ගමන් කෙල්ල ලාවට උත්තර දුන්නා...

" අපී... ගිය සතියේ... මං කියන්නේ මේ... ගිය සතියේ අපි මොනා හරි විශේෂ දෙයක් කලාද යුන්... ? "
ටේහ්‍යුන් ගොතගගහා එහෙම ඇහුවේ වේගෙන් පපුවත් ගැහෙද්දි... එයාට ඕනි උනා එහෙම නෑ කියලා හිතන්න... ඉයුන් බී ට කිසිම ලෙඩක් නෑ කියලා හිතන්න...

කලින් පාර වගේ ඒ මතකේ කෙල්ලට අමතක වෙලා නම් කොහොම දරාගන්නද කියලා නොදැන උනත් කොල්ලා ඒ ප්‍රශ්නේ ඇහුවා.. එයාගේ හිතේ කොනක තිබුන පුංචි බලාපොරොත්තුව එක්ක එයා ඒක ඇහුවේ හැමදේම හොදින් කියලා හිත හදාගන්න , ඉයුන් බී එක්ක පරණ ජීවිතේට යන්න තිබුන ආසාව නිසා..

" ඔ ඔයා මොකක් ගැනද අහන්නේ ටේ.. "
කෙල්ල ඉකිය එක්කම කොල්ලගේ දිහා බැලුවා...

" ම් මේ.. අපි කොහේ හරි ගියාද.. මං කිව්වේ.. වෙරළ පැත්තට වගේ... ගිය සතියේ... ? "
කොල්ලා හුස්ම ගන්න වේගෙත් එන්න එන්නම වැඩි උනේ හිතට දැනුන කලබලකාරී බය නිසා...
කෙල්ල දිහා එක එල්ලේම බලාගන කොල්ලා බලන් හිටියේ එයාට ඕනි උත්තරේ එනකන්...

DUΛL⏳ ( Completed )Where stories live. Discover now