It's The Beginning ..

199 47 48
                                    


" බලාගන්නවා... මම මගේ කොල්ලව උඹෙන් ගැලෙව්වේ නැත්තන්.... හහ්... "

ටේහ්‍යුන් හිටියේ ඉයුන් බී ගෙන් ගොඩක් ඈත.. එයා මිසිස් කිම් ලත් එක්ක ඈතට යන්න ගියේ කෙල්ල බිම ඉදගන හොදටම අඩද්දි...

" ටේ... අනේ...හ් මම මැරෙයි.. අනේ මාව දාලා යන්න එපා.. "
කෙල්ල කොයිතරම් කෑ ගැහුවත් එයා ආයෙම හැරිලා බැලුවේ නෑ... ඒ රූපේ කෙල්ලට නොපෙනීම යන්න ගියා....

" ටේ... "

" ටේ... "

" ඔහ්... අනේ යුන් ඇයි මේ... "
තමන්ගේ තුරුලටම වෙලා හීනෙන් තමන්ගෙම නම කියන කෙල්ල දිහා කොල්ලා බලන් හිටියේ ටිකක් ගැස්මෙන්...

එයා ලාවට ඒ කදුළු පිහිදාලා කෙල්ලගේ මූණ ඇගිලි වලින් පිරිමදිද්දි කෙල්ල ගැස්සිලා ඇහැරුනා...
" අන්ද්වේ .. "

" යුන්.. අනේ ඔයා හීනයක් දැක්කද... ම්ම්.. "
කෙල්ලගේ කොන්ඩේ හදන ගමන් කොල්ලා ඒ මූණට එබුනා...

" අහ්... ඒක හීනයක් ද.. ඔයා.. ඔයා ... ආහ්... "
කෙල්ල තවත් ඒ පපුවට තුරුල් උනේ ඒ වචන තාමත් මනසේ හොල්මන් කරද්දි...

" ඔයා බය උනාද යුන්... මොනාද දැක්කේ... ඔයා හොදටම බය වෙලා හිටියේ... "
කෙල්ලගේ ඔලුව තාමත් එයා අතගානවා..

කෙල්ලත් ඒ පපුවට තුරුල් වෙලාම ඒ සුවද වින්දා....
" ටේ... "

" ම්ම්... "

" මට මේ තරම් ආදරේ කරන්න එපා ටේ... කවදා හරි මේ හැමදේම වෙනස් උනොත්... "
කෙල්ලගේ හිතේ තිබ්බේ ටේහ්‍යුන් ගේ දෙමව්පියෝ එයාව තමන්ගෙන් වෙන් කරයි කියන බය....

කොල්ලා ඒ වචන ටික නිසා කෙල්ලගේ ඔලුවේ තිබ්බ අත අයින් කර ගන කෙල්ලගේ උරහිස වටෙන් දාගත්තා...
" ආනී... මාව ඔයාගෙන් වෙන් කරන්න කාටවත් බෑ යුන්.. මමත් එනවා ඔයා එක්ක ඔයා යන තැනටම.. තේරුනාද... "
කෙල්ලගේ නහයේ තමන්ගේ නහයත් අතුල්ලලා එයා හිනා වෙද්දි කෙල්ල නහය ඇකිලුවේ පුංචි හිනාවක් දාලා...

" යුන්... තාමත් ඔයා මට කිව්වේ නෑ ඔයාගේ අත තුවාල උනේ කොහොමද කියලා... "
කෙල්ලගේ ඇස් කොල්ලව මගාරින්න ගත්තේ උත්තර දීගන්න බැරි නිසා..

" අ... මේ... අර මේසේ කො කොනේ වැදුනා ටේ.... යන්තම් සීරුනා එච්චරයි ... "
මූණ හරව හරව කෙල්ල කියද්දි කොල්ලා ඒ තුවාල උන අත තොල් තියලා සිප ගත්තේ වද වීමෙන්...

DUΛL⏳ ( Completed )Where stories live. Discover now