I Want You ..

162 44 29
                                    


" ඔහ් එන්න ටේහ්‍යුන් ශී... මම බැලුවා ඇයි පරක්කු කියලා...... "
ටේහ්‍යුන් ටයි ඉයුන් බී ටයි පුටු පෙන්නන ගමන් ඩොක්ටර් ත් ඉස්සරහින් වාඩි උනා..

" ඉයුන් බී ශී... ඔයා ඔයාගේ සීට් එකෙන් වාඩිවෙන්න.. හොද හුස්මක් අරන් ඇස් පියා ගන්න.. "
ඉයුන් බී වෙනදා වගේම එයාට හුරුපුරුදු සුවපහසු සීට් එකේ වාඩිවෙලා ඔලුවත් හේත්තු කරන් ඇස්දෙක පියා ගත්තා...

.

.

๬ " හොද හුස්මක් අරන් මට කියන්න ඔයාගේ සම්පූර්ණ නම... "

" මම ශින් ඉයුන් බී... "

๬ " හ්ම්ම් ... එතකොට ඔයාගේ හස්බන්ඩ් ගේ නම... ? "

" මම කසාද බැදලා නෑ... "
ඉයුන් බී කෙටියෙන් කියලා දැම්මේ ඇස් නොඇරමයි...

๬ " ඒත් මට ඔයාගේ හස්බන්ඩ් කිව්වනේ ඔයා එයාගේ වයිෆ් කියලා... එතකොට ඒක බොරුවක් ද... ? "

" ඔව්.. එයා ඔයාව රවට්ටලා.. "

๬ " ටේහ්‍යුන් ශී ඔයා කතා කරන්න... "
ටේහ්‍යුන් දිහා බලලා ඩොක්ටර් එයාට කියද්දි කොල්ලා ලොකු හුස්මක් අරන් තොල් ඇරියා..

" යුන්... ඔයාට මාව ඇහෙනවද.. ? මම ටේ... ඔයාගේ හස්බන්ඩ් .. "
ටේහ්‍යුන් එහෙම කියනවත් එක්කම මෙච්චර වෙලා තද කරන් හිටිය ඉයුන් බී ගේ ඇස් ක්ෂණිකව ඇරුනා ...

" තමුන්... තමුන්... මෙහෙටත් ආවද එහෙනම් ආ... "
කෙල්ල අතපය හෙලෙව්වේ නැති උනාට හරිම සද්දෙන් කෑගැහුවේ රතුපාට නහර ඉලිප්පුනු ඇස් වලින්...

๬ " ඔයා එයාට අකමැති ද... "

" එයා මල වදයක් ... මගේ ගෙදරට වෙලා මට කරදර කර කර ඉන්නවා... දැන් වත් යනවා කෝ යන්න...

ඒ අස්සෙ තව මිනිස්සු ගේන්න ලෑස්තිය... යුන් යුන් කිය කිය... හහ්... "

ටේහ්‍යුන් බිම බලාගන ඔය ඔක්කොම අහගන හිටියා..

๬ " හරි මම එයාව යවන්නම්... ඔයා ඇස් පියාගන්න ඉයුන් බී .. "

.

.

๬ " ඔයාගේ අතේ ලොකු තුවාලයක් නේද... ඔයාට රිදෙන්නේ නැද්ද.. ? "

" චහ් ආනී.. ඒක හරිම ලස්සනයි .. "
කෙල්ල ඇස් පියාගනම හිනා උනේ හරිම ආසාවෙන්...

DUΛL⏳ ( Completed )Where stories live. Discover now