Feelings ..

261 61 16
                                    


" ඉයුන් බී "
ටේහ්‍යුන් ට කෑගැස්සුනේ කෙල්ලව දැකලා.. කෙල්ල කාමරේට යන දොර ලග බිම වාඩිවෙලා දණිස් දෙකත් තුරුල් කරන් හොදටම ගැහෙනවා... ඒ අස්සේ කදුළු ගලනවා හෝ ගාලා...

ටේහ්‍යුන් පුළුවන් වේගෙන් කෙල්ලගේ ලගට ගියත් එයා තවමත් ටේහ්‍යුන් ව දැක්කේ නෑ.. දකින්න තරම් සිහියක නෙවෙයි කෙල්ල හිටියේ.. කොල්ලා හෙමීට කෙල්ලගේ උරහිසේ අත තිබ්බේ ආයෙමත් කෙල්ලගේ නම මුමුණලා...

" හ්හ්... "
කෙල්ල ටේහ්‍යුන් නිසා ගැස්සිලා ගිහින් තවත් බිම ඉන්ද උනා...

" ඔහ්... ඉ ඉයුන් බී.. අනේ මම බය කරන්න හිතාගන නෙව්........ "
කොල්ලට කියන්න තිබ්බ එකත් අමතක උනේ කෙල්ල අඩාගන කොල්ලගේ පපුවට තුරුල් උන නිසා...

" ආආආආහ්.... අ අනේ ටේහ්‍යුන් ශී ... "
කොල්ලා තමන්ගේ පපුවට ගුලි උන කෙල්ලදිහා ටිකක් වෙලා බලන් ඉදලා එයා ලගින්ම දණගහගන කෙල්ලව තවත් තුරුල් කරගත්තා...

" ඔයා කළුවරට බයයි ද.. ම්ම්.. අනේ මියානේ හිටපු ගමන් පොඩි power cut එකක් වෙනවා... කෝ ඉතින් අඩන්න එපා.. "
කොල්ලා කෙල්ලව උරහිස් වලින් අල්ලලා ඈත් කරන්න හැදුවත් කෙල්ල තවත් කොල්ල ලගට ගුලි උනේ ගැහි ගැහී...

" කළුවර උනා.. එ එක පාරට... ආහ්.... අනේ යන්න එපා.. ආහ්... "
කෙල්ල අත්දෙකෙන්ම කොල්ලගේ ඇදුම ගුලිකරන් අල්ලගන...
ඒත් ටේහ්‍යුන් නම් හිටියේ පැටලිලා... දැන් හොදට එලිය තිබ්බත් කෙල්ල තදින් ඇසුත් පියාගන තවමත් වෙවුලනවා...

" කෝ ඉතින්.. ඉයුන් බී .. දැන් හරි ම්ම්.. දැන් ඔය ඇස් ඇරලා බලන්නකෝ.. දැන් කළුවර නෑ.. "
පොඩි ලමෙක්ට වගේ ටේහ්‍යුන් කෙල්ලගේ මූණේන් අල්ලගන කියද්දි කෙල්ල යන්තමින් ඇස් ඇරියේ කොල්ලගේ ඇදුම තවමත් තදින් ගුලි කරගනමයි...
" දැන් හරි.. මම ඉන්නව නේ.. කෝ නැගිටින්නකෝ දැන්.. "

කෙල්ල තවම ගැහෙනවා... ඒ ඇස් කලබලයි.. හරියට කාව හරි හොයනවා වගේ.. වෙවුලන කකුල් වලින් කෙල්ල හිටගත්තත් ඒ වේගෙන්ම ටේහ්‍යුන් ගේ ඇගට කඩන් වැටුනේ කකුල් පණ නැතුව..
" හ්හ්.. ඉයුන් බී .. අනේහ්.. බලාගන.. "

කොල්ලා ඉක්මනට කෙල්ලව තමන්ගේ ඇගට හේත්තු කරගත්තේ හොදටම බය වෙලා..

DUΛL⏳ ( Completed )Where stories live. Discover now