Together ..

210 53 9
                                    


ටේහ්‍යුන් meetings දෙක තුනකට පස්සේ Company එකෙන් එලියට බැහැලා වාහනේට නැග්ගේ අද තමන් එනකන් ගෙදර තවත් කෙනෙක් බලන් ඉන්න බව මතක් උන නිසා...
කොල්ලගේ වාහනේ ඉස්සරහට යනවත් එක්කම මෙච්චර වෙලා දුර ඉදන් ඒ දිහා බලන් හිටිය කළු ජැකට් එකකින් හිටිය කෙනෙක් ඉක්මනට බයික් එකත් ස්ටාර්ට් කරලා වේගෙන් කොල්ලගේ වාහනේ පස්සෙන් ගියත් ටේහ්‍යුන් ට මේ ගැන කිසිම අදහසක් තිබුනේ නෑ...

අඩුම තරමේ තමන්ව කෙනෙක් ෆලෝ කරනවා කියලා වත් කොල්ල දන්නේ නෑ... ඒ තරමටම කොල්ලා මොනාදෝ කල්පනා කරනවා...
පිටිපස්ස සීට් එකට වෙලා එයා වීදුරුවෙන් එලිය බලාගන තනියම හිනා උනේ " යුන් " කියන වචනේ ආයේ ආයෙත් මුමුණන ගමන්...

කොල්ලා ගෙදරට ඇවිල්ලා දොරත් ඇරගන ඇතුලට ගියේ ටිකක් වට පිට බලලා කාව හරි හොයන ගමන්...
ඒ එක්කම එයා එතනම නතර උනේ ගෙදර අද ඊයෙටත් වඩා අමුතු පිලිවලක් පෙනුන නිසා.. ඒ අස්සේ kitchen එකෙන් ආව සුවද නිසා කොල්ලව ඉබේම ඇදිලා ගියේ ඒ පැත්තට...

කෙල්ල හිටියේ පැන්ට්‍රි එකේ මොනාද හොය හොය... ඇගිලි තුඩු වලින් ඉස්සිලා අමාරුවෙන් එයා පුංචි ටින් එකක් ගනිද්දි කොල්ලට ලොකු හිනාවක් ගියේ කෙල්ලගේ හැසිරීම දැකලා..
උඩ පැනලා ,ඇගිලි වලිනුත් හිටගන ඉදලා කෙල්ලට දාඩියත් දාලා තිබුනා... එයා හැරෙනකොටම දැක්කේ තමන් දිහා හිනාවීගන බලන් ඉන්න ටේහ්‍යුන් ව..

" ඔමො.. කප්චග්යා ... ටේහ්‍යුන් ශී ... බය උනා මම... "
කෙල්ල පපුවත් අල්ලගන කියද්දි කොල්ලා ඉක්මනට හිනාව හංග ගත්තා ....

" ම්ම්.. මියානේ ... මේ අද අජුම්මා ආවද.. ? "
ගෙදර තිබුන පිලිවල නිසා කොල්ලට හිතුනේ අජුම්මා අදත් එන්න ඇති කියලයි..
එයා කෑම මේසෙන් වාඩි වෙලා එහෙම කියද්දි කෙල්ල නෑ කියන්න ඔලුව වැනුවා...
" ඇහ්... එතකොට .. සොල්මා ඔයාද මේ.... "

කෙල්ල අතේ තිබ්බ ටින් එකත් තියලා පුංචියට හිනා උනා...
" මම නිකන් ගෙදර ඉන්න එකේ මොනාම හරි කරන්න එපැයි... "
කෙල්ල ඒක කිව්වේ තමන්ව ටේහ්‍යුන් ට කරදරයක් වෙයි කියන සිතුවිල්ල එක්ක...

" ලස්සනයි අද ගෙදර ... කවදාවත් නැති තරමට අද ගේ ගොඩාක් ලස්සන වෙලා කියලා දැනෙනවා... "
ටේහ්‍යුන් හිනා වෙද්දි ඒ ඇස් සතුටින් දිලිසුනා..

DUΛL⏳ ( Completed )Hikayelerin yaşadığı yer. Şimdi keşfedin