Destination ..

180 50 20
                                    

මූණට ආව ඉර එලියට ටේහ්‍යුන් ඇස් ඇරියා....
ඊයේ රෑ තුරුල් උන වනම කෙල්ල තවමත් කොල්ලගේ පපුවට ගුලි වෙලා...
එයාගේ අතකින් කොල්ලගේ ඇදුමේ පපුව හරියෙන් තදින් අල්ලන...
කොල්ලට පොඩ්ඩක් හිනාත් ගියා කෙල්ලව දැකලා... ඒත් ඒ මැලවුන මූණ .. ඒ අදුරු උන තොල් දකිද්දි නම් කොල්ලගෙ හිත පෑරුනා...

" අනේ යුන්... ඔයා ඇයි මේ තරම් මගේ හිත රිද්දන්නේ... ඉක්මනට හිනා වෙන්න මගේ පණ... ඉස්සර වගේ.. "
කෙල්ලගේ මූණට වැටිලා තිබ්බ කෙස් ටික කොල්ලා හෙමීට හැදුවා....

එයා හෙමින් හෙමින් ඇදුම ගුලි වෙලා තිබ්බ කෙල්ලගේ ඇගිලි ටික එකින් එක ගලවලා ගනිද්දි කෙල්ල ඒ වේගෙන්ම කොල්ලගේ මහපට ඇගිල්ල ඇගිලි වලින් අල්ලගත්තා...
" චහ්... රවට්ටන්නත් ලේසි නෑ.. "
කොල්ලා ආයෙම හිනා වෙලා හෙමින් ඇදෙන් බැස්සේ කෙල්ලගෙන් අමාරුවෙන් අත ගලවලා අරන් එයාව හරිබරි ගහලා කොට්ටෙන් තියලා ශීට් එකත් හදලා ඉවර වෙලා...

එයා හෙමින් දොරත් වහලා පහලට ගියේ උදේ කෑම හදන්න හිතාගන...

*****

කෙල්ලත් නිදි ගැට කඩලා ඇස් ඇරියේ එහෙම්මම ඇදේ තමන්ට එහා පැත්ත අත ගාලා බලලා තමන්ගේ එහා පැත්තෙන් හිටිය කෙනාව හොයන්න ....
" ටේ.... "

කොල්ලා එතන නෑ කියලා දැනෙද්දි කෙල්ල ගැස්සිලා ඇදේ ඉන්ද උනා...
" ටේ... "
කෙල්ල අසිහියෙන් වගේ ඇදෙන් බැහැලා එලියට දිව්වේ කොල්ලට කතා කරගන උනත් කිසිම ප්‍රතිචාරයක් නැති තැන කෙල්ල තවත් බය උනා....

" ටේ... අ අනේ... ඔයා ඉන්නවා නේද... "
කෙල්ල කතා කර කරම පඩිපෙල බැස්සේ පැටලිලා වැටෙන්නත් ගිහින් නූලෙන් බේරිලා....

එයා සාලේ බැලුවත් කොල්ලා හිටියේ නෑ... දැන් නම් කෙල්ලට දාඩියත් දාලා බයටම.. එයා kitchen එකට දිව්වේ අඩියට දෙකට....

කෙල්ලට ලොකු හුස්මක් පිට උනේ කොල්ලා පිටිපස්ස හරවගන මොනාදෝ fry කරනවා දැකලා....
එයා සිංදුවක් කියාගන පාන් ටිකකුත් අතට ගත්තා... කෙල්ල මුකුත් නොකියම දුවලා ගිහින් කොල්ලගේ ඉන වටේ අත්දාලා එයාගේ පිටට හේත්තු උනේ කදුළු කැට දෙක තුනක් කම්මුල් වලින් බේරෙද්දි....

" ඔමො.. ම්ම්... යුන්... ඔයා නැගිට්ටද... "
කොල්ලා ගැස්සුනත් එයා තමන්ගේ ඉන වටේට එතුන හීනි අත් දෙක ලාවට පිරිමදින ගමන් එහෙම ඇහුවා....

DUΛL⏳ ( Completed )Where stories live. Discover now