Can't You Feel ..

148 49 22
                                    

" මොකද උනේ ටේ.. එ එයා මාව නතර කර ගනීද.. ? "
ඩොක්ටර් ගේ cabin එකෙන් එලියට ආව කොල්ලගේ ලගට දුවගන ගිහින් කෙල්ල කලබලෙන් එහෙම ඇහුවා..

කදුළු පුරවගන හිටිය ඇස් වලින් කොල්ලා ඉයුන් බී දිහා බලලා ඔලුව වැනුවේ නෑයි කියන්න..

" එයා ඔයාට බැන්නද ටේ... අනේ ඇයි මේ.. ඇයි කදුළු පිරිලා ... ආ.. කියන්න කෝ ටේ.. අනේ මං නිසා ඔයා බැනුම් ඇහුවද.. "
කෙල්ලගෙත් ඇස් වලට කදුළු එන්න වැඩිවෙලා ගියේ නෑ...

" ආනී... නෑ පණ... එයා බැන්නේ නෑ... මම මේ නිකන් ... අයියෝ ඒක දැන් හරි... ඔන්න දැන් අපි දෙන්නා ගෙදර යමු හරිද... "
කදුළු ටික යටපත් කරගන්න වේගෙන් ඇහිපිය ගහලා කොල්ලා හිනාවකින් මූණ පුරෝගන කෙල්ලගේ අතක් අල්ල ගත්තා...

" ජින්චා.. මම මෙහෙ නතර වෙන්නේ නෑ නේද... වාහ්... අම්මෝ මම බය උන තරමක්... "
සිද්ධ වෙච්චි දේවල් එක්ක හිතේ සතුටක් නොතිබ්බත් කෙල්ලට ඒකට හිනා ගියේ මෙච්චර වෙලා බයෙන් හිටිය නිසා...

" බෙහෙත් ටිකක් තියෙනවා ගන්න.. අපි යමින් ගමන් ගමු... ම්ම්.... යං ... "
කෙල්ලවත් එක්කන් ටේහ්‍යුන් වාහනේට නැග්ගා...

බෙහෙත් ටිකත් අරගන දෙන්නම ගෙදර යනකන් කෙල්ලගේ ඒතරම් කතාබහක් තිබ්බේ නෑ.... වීදුරුවෙන් එලිය බලාගන කෙල්ල ඉදහිට හුස්මක් පිට කලා...

ගේ ඇතුලට ගිහින් කෙල්ල දොග් ගාලා සෝෆා එකට වැටුනා....
" මහන්සිද.. "
කෙල්ලගේ ලගින්ම වාඩිවෙන ගමන් කොල්ලා ඇහුවා...

" හ්ම්ම් ටිකක්... ඒත් ටේ.. මොනාද ඩොක්ටර් කිව්වේ.... ? "
කෙල්ල කුතුහලය පිරුන බෝල ඇස් කොල්ලගේ මූණට ලං කරද්දි ටේහ්‍යුන් ඉක්මනට එතනින් නැගිට්ටා...

" මේ... ලො ලොකු දෙයක් නෑ යුන්... treatments වගයක් තියෙනවා ලූ... මම කිව්වා මම හැම treatment එකකටම ඔයාව එක්කන් එන්නම් කියලා...

දැන් ඔයා wash කරගන එන්න.. කෑම කාලා බෙහෙත් ටික බොමු හරිද... "
කෙල්ලගේ ඔලුවත් අතගාලා කොල්ලා එයාව wash room එකට යැව්වේ සෝෆා එකේ වාඩි වෙන ගමන්...

කෙල්ල ඇදුම් මාරු කරන් එද්දි කොල්ලා kitchen එකට වෙලා රෑට කෑම හදන ගමන් හිටියේ...
කෙල්ල මුකුත් නොකියම ගිහින් එයාගේ පිටිපස්සෙන් ඉනවටේට අත් දාලා පිටට කම්මුලක් තද කර ගත්තා..

DUΛL⏳ ( Completed )Where stories live. Discover now