Why We ..

171 47 28
                                    

" ඔයා තවමත් ඇදගත්තේ නැද්ද යුන්... අපි දෙන්නම පැල හිටවන්න හිටියේ.. පරක්කු උනොත් රෑ වෙයි හොදේ.. "
ටේහ්‍යුන් කෙල්ලගේ කාමරේට එද්දි කෙල්ල තවමත් ශීට් එකයි කොල්ලා අතට දීපු ඇදුම් ටිකයි තුරුල් කරන් ඇදේ ගුලි වෙලා..

ඒක දැක්කම කොල්ලගේ පපුව හෝස් ගාලා ගියා උනත් එයා වෙනසක් නොපෙන්නා කතා කලේ කෙල්ලගේ රිදුන හිත හදන්න...

කොල්ලව දැක්ක ගමන් කෙල්ල ශීට් එක අස්සට ගුලි වෙලා මූණ හංගගත්තේ ලැජ්ජාවට යි කොල්ලට මූණ දීගන්න බැරි කමටයි...

" අනේ යුන්.. පණ.. ඇයි මේ.. කෝ ඉන්න.. "
කොල්ලා ශීට් එකෙන් අල්ලන්න හැදුවත් කෙල්ල ඒක ගසලා එහාට ගත්තා...

" මම ඇදගන එන්නම් ඔයා යන්න... "
කෙල්ල එහෙම කියද්දි කොල්ලගේ හිත රිදුනත් එයා ඔලුව වනලා එලියට ගියේ වෙන කරන්න දෙයක් නැති කමට...

කෙල්ල හෙමින් හෙමින් ඇදුම දාගන එලියට එද්දි කොල්ලා සෝෆා එකේ වාඩිවෙලා බර කල්පනාවක ඉදලා කෙල්ලව දැක්ක ගමන් නැගිට්ටා...
" ඔයාට ඇගට අමාරු නෑ නේද යුන්... අනේ ඔයා ගොඩක් වෙලා වතුරෙ හිටියා නේ.... "
කොල්ලා දුවලා ඇවිල්ලා කෙල්ලගේ නළලයි බෙල්ලටයි අත තියලා බැලුවේ ඇග රත්වෙලාද කියලා...

" රිදෙනවද ටේ... "
කොල්ලගේ තොල් හොදටම තුවාල වෙලා ලේ ආව පාරවල් තිබුනා..
බෙල්ලෙත් නියපොතු පාරවල් රතුවෙලා හිටලා තිබුනා... අත් වල වගේම ලාවට ඇදුමෙන් පේන පපුව හරියෙත් තුවාල තිබුනා...

කෙල්ල හෙමීට එයාගේ ඇගිලි තුඩු කොල්ලගේ තුවාල වුනු තොල් වල ගාවන ගමන් එහෙම ඇහුවේ ටේහ්‍යුන් කෙල්ලගේ ඒ අත අල්ලගන රිදුනේ නෑ කියන්න ඔලුව දෙපැත්තට වනද්දි...

" කොජිම්මල්... "
කොල්ලගෙන් අත ඇදලා අරන් කෙල්ල අඩියක් පස්සට ගියා..
ටේහ්‍යුන් ට පුළුවන් උනේ තුවාල උන තොලම හපාගන බිම බලන එක ...

කොල්ලත් ගොඩක් ඉවසනවා.. ඉයුන් බී ගේ ආදරේ නිසා එයා පුදුම තරම් ඉවසනවා ... ඒත් එයත් දන්නවා කෙල්ල කොයිතරම් අසරණ ද කියලා.. තවමත් එයාගේ තුන්හිතක වත් නෑ කෙල්ලව මානසික රෝගියෙක් ගානට දාලා ඇඩ්මිට් කරන්න...
තමන් නිසා මේ දේ උන බව හිත හිත එයා හැමවෙලේම කලේ තමන්ට බැන ගත්ත එක...

DUΛL⏳ ( Completed )Where stories live. Discover now