Love ..

198 46 24
                                    

සිහිය නැතිව ඔලුවත් අල්ලගන බිම ඇදවැටුනු කෙල්ලට ටිකක් වෙලා යද්දි සිහිය ආවා...
" ම්ම්හ්... ආහ්.. ම මගේ ඔලුව.. හ්හ්... "
ඔලුවත් අල්ලගන මේසෙට බරදීලා නැගිටින අතරේ කෙල්ල දැක්කේ එයාගේම අත් ලේවලින් නෑවිලා තියෙනවා...

" ල් ලේ... අහ්... අන්ද්වේ .. අන්ද්වේ ඉයුන් බී හ්... !! අනේ ටේ.. අනේ එහෙම නම්...

දෙයියනේ ... ටේ... !!! "
කෙල්ල ඔලුවත් බදාගනම දුවන් යන්න හැරෙද්දි එයා දැක්කා ලේ පෙරාගන බිම වැටිලා ඉන්න ටේහ්‍යුන් ව...

කෙල්ලගේ කකුල් පණ නැතුව ගියත් එයා උපරිම වේගෙන් කොල්ලා ලගට දිව්වා...
" අ අනේහ්.. අනේ කතා කරනකෝ ටේ... දෙයියනේ මම මොනාද මේ කලේ... අනේ ටේ ඔහොම ඉන්න එපා. "
කොල්ලගේ පණක් නැති අත් එකට කරලා පපුවට තද කරගන්න ගමන් කෙල්ල කෑගහලා ඇඩුවේ කදුළු පිට නොවෙන තරම් ශොක් වෙලා...

" ඩොක්ටර් ... ඩොක්ටර් ට කතා කරමු... "
කෙල්ල දිව්වේ ටේහ්‍යුන් ගේ phone එක හොයාගන...

ඒක තිබුනේ කොල්ලගේ කාමරේ... කෙල්ල ඉක්මනට Contact list එකෙන් නම්බර් එක හොයලා කෝල් කලේ එදා එයාගේ අතට බෙහෙත් දාන්න ආව ඩොක්ටර් ට...

.

.

" අනේ දෙයියනේ මම ... මම නේද ඔයාට.. අහ්.... මම නිසයි ටේ.. මමයි ඔයාට ඇන්නේ.. අනේ... ලේ යනවා... "
කෙල්ල සෝෆා එකට හේත්තු වෙලා සිහි නැතුව ඉන්න කොල්ලගේ බඩේ තිබුනු තුවාලෙ අත්දෙකෙන්ම තද කරේ ලේ යන එක අඩු කරන්න..

" අ අහ්... ඒක.. තද කරන්න.. එ එපා.. "
ආයාසයෙන් කොල්ලගේන් වචන පිටවුනේ කෙල්ලගේ කදුළු තවත් අලුත් වෙද්දි...

" ඩොක්ටර් එනවා ටේ.. අ අනේ ඉන්න ටිකක්... අනේ ටේ හො හොදටම ලේ යනවා... "
කෙල්ල බයට වගේම වේදනාව තරහව ඔක්කොම එකට කදුළු කරලා ඇරියේ ටේහ්‍යුන් අතක් බිමට බර කරලා වේදනාවෙන්ම තවත් ටිකක් සෝෆා එකට පිට හේත්තු කරගනිද්දි..

" අ... ම මම හොදින් යුන්... බය නොවී ඉන්න හොදද... අඩන්න එපා ප... පණ.. ඒ ක එච්චර අමාරු න් නෑ... "

" කොජිම්මල් ..... !! ඇති ටේ.. කතා කරන්න එපා.. ලේ යනවා දෙයියනේ ... මම මොකද කරන්නේ.. අහ් ... අනේ.. "
කෙල්ලත් අඩ අඩම කොල්ලගේ තුවාලේ අල්ලන් හිටියා...

DUΛL⏳ ( Completed )Where stories live. Discover now