🐺⚜️Chapter 05⚜️🐺

707 154 47
                                    

ගැත්තාට අනුකම්පා කරලා අන්තිමට චැප්ටර් එකේ අන්තිම ටික කියෝලා එන්න.හි
______________________________________


"ඇයි ඔයාලා ආවෙ??"

ටේහ්‍යුන් බැරෑරුම් මූනක් හදාගෙන එල්ඩර්ස්ලාගෙන් ඇහුවා...

"අපිට ඉදගන්නවත් කියන්නෙ නැද්ද ඇල්ෆා."

එල්ඩර්ස්ලගෙ වැඩිමල්ම කෙනා එහෙම අහද්දි ටේහ්‍යුන් ඇස් රෝල් කරලා ඔලුව දෙපැත්තට වනලා සෝෆා එක අතෙන් පෙන්නුවා.

"දැන්වත් කියනවද?"

ටේහ්‍යුන් මේසේ අයිනට බරවෙලා අත්දෙක පපුවට කරගත්තා

"ඇල්ෆා,අපි දන්නවා බ්ලූ මූන් පැක් එකේ ඇල්ෆත් ඔයාගෙ යාලුවෙක් කියලා ..."

"ජන්කුක් මගෙ යාලුවෙක් එක ප්‍රශ්නයක් ද??දැන් ඒක ගැන අහන්නද ආවෙ??"

ටේහ්‍යුන් දාර්ශනික පෙනුමක් මවාගෙන එල්ඩර්ස්ලගෙන් අහද්දි එක එල්ඩ කෙනෙක් නැගිට්ටලා ටේහ්‍යුන් ලගට ආවා.

"ඒක නෙමෙ ප්‍රශ්නෙ ඇල්ෆා,නිම්ගෙ පැක් එක බලවත් වෙලා, එයා හදන්නෙ ප්‍රධාන ඇල්ෆා වෙන්න.එයාට ඒක කරන්න පුලුවන් එකම ක්‍රමය තමා pure blooded alpha කෙනෙක් එක්ක එකතු වෙන එක.අපි දන්න එකම ඇල්ෆා තමා Dark stone පැක් එකෙ ඇල්ෆා ටේශි"

එල්ඩ අන්තිම ටික කියද්දි ටේහුන්ගෙ මූන කොරහක් වගේ වුනා.

"ඒ කියන්නෙ නිම් හදන්නෙ ටේශිව එයාගෙ ලූනා කරගන්නද??"

ටේහ්‍යුන් එල්ඩ ලගට ඇවිත් ඇස් රතුකරගෙන ඇහුවා..

"එහෙම තමා,එ වගේම අපි දන්න විදිහට එ ඉන්නෙ ඔබතුමාගෙ ලූනා.හැබැයි කිසියම් දෙයක් නිසා ඔය දෙන්නාගෙ නොගැලපීමක් අපිට පේනවා, ඒක මොකක්ද කියලා හිතාගන්න බැ.හැබැයි ඒ දෙන්නා එකතු වුනොත් අනික් ඇල්ෆලට වගේම අනික් පැක් වල අයටත් ලොකු ප්‍රශ්නයක් වෙයි."

"ඒ දෙකෙන් එකක්වත් වෙන්නෙ නැ..විශේෂයෙන් දෙවෙනි එක,ටේශි අර පුම්බපු මූකලන් බස්සගෙ ලූනා වෙන්නෙ නැ."

ටේහ්‍යුන් අත මිට මොලවලා මේසෙට ගහපු පාර මේසෙ දෙකට කැඩුනා..ටේහ්‍යුන් කිවුවා වගේම නිම් කියන්නෙ කල්දේරමක් වගෙ බඩක් තියෙන ඇල්ෆා කෙනෙක්.

🐺ÐÄRK §HÄÐÖW⚜️|| Kth || Completed Where stories live. Discover now