🐺⚜️Postscript and A/N⚜️🐺

765 143 66
                                    

🚫After 3 months


"සරන්හෙ ටේ"

"සරන්හේ ටේශි"

නැම්හැන්සන් කදු මුදුනෙ අත් අල්ලගෙන සෝල් දිහා බලන් ආදරේට ආදරේ කියපු ටේහ්‍යුන් වගේම ටේශිත් දෙන්නාට දෙන්නා  වැලදගත්තේ හැම ප්‍රශ්නෙකම අවසානෙ සතුට ලැබුන නිසා.හරියට දීර්ඝ ශීතෙන් පස්සෙ ආපු වසන්තයක් වගෙ.

"තල්ලු කරන්නද අදත් එක්කගෙන ආවෙ??"

ටේහ්‍යුන් ටේශිගෙන් ඇහුවෙ ටේශිගෙ බෝල වුන ඇස් දිහා බලන්.ටේශිගෙ ඇස් වෙනදට වඩා දිලිසෙනවා ටේහ්‍යුන් දැක්කේ කාලෙකින්.ටේශි හිනාවෙලා ටේහ්‍යුන්ගෙ කම්මුල් දෙක අතින් මිරිකලා එක කම්මුලකට හාදුවක් දුන්නා.

"නැ වෙන දෙයක් කියන්න"

"මොකක්ද??"

"ඔයාට මාව තව කෙනෙක් එක්ක බෙදාගන්න වෙනවා"

"මොකක්??තමුසෙ මොනවාද කියවන්නෙ ටේශියා"

ටේශිව එයාගෙ පැත්තට හරවගෙන ටේහ්‍යුන් ඇහුවෙ ඇස් රතුකරගෙන.ටේශිගෙ එක වචන ටිකකට ටේහ්‍යුන්ට යකා ඇවිස්සුනා.මොකද බෙදාගන්නවා කියන වචනෙට ටේහ්‍යුන් නොසෑහෙන්න වෛර කරා.සෝහ්‍යුක් එක්ක බෙදාගන්න කියලා එල්ඩර්ස්ලා කියද්දි එල්ඩර්ස්ලා නොමැරී බේරුනේ ජින්ට පින්සිද්ද වෙන්න.ටේශිව බෙදාගන්න තියා ටේශිගෙ ඇගට වෙන කෙනෙක් අතක් හරි තිබ්නොත් එ කෙනාගෙ අතේ කෑලිවත් හොයන්න වෙන්නැ කියලා පැක්වල වෘකයො හැමෝම දැනන් හිටියා.

"ආශ් එහෙනම් ඔන්නැ"

"යාහ් කියනවා කවුද ඒකා.මගෙන් මැරෙන්න ආස කෙනා කවුද??"

"යාහ් මෝඩයා.මෙන්න මෙයා ගැන කිව්වෙ.අපේ පුන්චි ඇල්ෆා ගැන."

ටේහ්‍යුන්ගෙ අත ඇදලා අරන් ටේශි තමන්ගෙ බඩ උඩින් තියාගන්න ගමන් කියද්දි ටේහ්‍යුන්ගෙ ඇස් උඩ ගියෙ ඒ ඇස් බෝල කරලා.

"ඔ...ඔය ඇත්තමද??"

ටේශි කියපු දේ ටේහ්‍යුන්ට විශ්වාස කරන්න බැරිවෙද්දි ඒ ඇස් සතුටින් දිලිසෙනවා ටේශි දැක්කා.අවුරුදු ගානකට කලින් ටේහ්‍යුන් තමන්ට ආදරේ කියද්දි ඇස් දිලිසුන විදිහටම එඇස් අදත් දිලිසෙනවා.ඒ එයාගෙ ආදරවන්තයා විදිහටවත් ස්වාමියා විදිහටවත් නෙමේ එන්න ඉන්න පැටියගෙ අප්පා විදිහට.

🐺ÐÄRK §HÄÐÖW⚜️|| Kth || Completed Where stories live. Discover now