🐺⚜️Chapter 14⚜️🐺

604 154 65
                                    

"ඔ..ඔයා...🤨."

"දේ........."

"මොකටද ආවෙ??."

"ඔයා එක්ක කතාකරන්න ඔනෙ.."

"මොකටද??..."

"දෙයක් අහන්න තියෙනවා.එන්න යන්න.."

"ටේශි මොකද මෙ?අතාරිනවා මාව.."

ටේහ්‍යුන් ජන්කුක් එක්ක පහලට එද්දි දැක්කෙ ජින් එක්ක කතාකර කර ඉන්න ටේශිව.ටේහ්‍යුන් ටේශිගෙ ඇස් දිහා නොබලා බිම බලාගෙන අතමිට මොලවද්දි හැමදාම වගෙ ටේහ්‍යුන්ගෙ ඇල්ෆා එයාගෙ මේට්ගෙන් එන සුවදට ඕනෙවටත් වඩා පිස්සු වැටුනා.ටේහ්‍යුන් දිහා බලන් හිටපු ටේශි පඩිපෙල නැගගෙන ඇවිත් ටෙහ්‍යුන්ගෙ අතින් අල්ලගෙන එලියට පැක් හවුස් එකෙන් එලියට ආවා.ජන්කුක් ජින් දිහා බලාගෙන ඔලුවෙන් සන් කරලා මොකක්ද වෙන්නෙ කියලා ඇහුවම ජින් උරහිස් ඇකිලුවෙ දන්නෙ නැ කියන්න.ජින් ආයෙම හීලර් රූම් එකට යද්දි ජන්කුක් අත්දෙක සාක්කුවට දාගෙන පැක් හවුස් එකෙ පිටිපස්සෙන් එලියට ආවෙ හිතට නිදහසක් ඔනෙ වෙලා.




🚫taeshi and taehyung

"ටේශියාහ්.....කොහෙද යන්නෙ??"

"නගින්න.........."

"මොකටද???"

"බුලත් දෙන්න ඔනෙද?? දෙයක් කතාකරන්න තියෙනවා.නගින්න කාර් එකට......."

ටේශිගෙ වචන වෙනදා වගේම ස්ථිර වචන වුනනිසාම ටේශිට ඔරවගෙනම ටේහ්‍යුන් කාර් එකට නැගලා දොරවැහුවෙ ටේශිගෙ කන් අඩි පැලෙන තරම් හයියෙන්

"තමුසෙට පිස්සුද??..වාහනෙ කඩන්නද ඔනෙ??"

"ඇයි තව එකක් ගන්න සල්ලි නැද්ද??"

"වාහන විතරක් නෙමෙ එක කොල්ලෙක් වෙනුවෙන් තව සීයක් ගන්න වුනත් මෙ ටේශිට් ගන්න පුලුවන් .."

ටේහ්‍යුන්ට නොදෙවෙනි විදිහට ටේශි කියද්දි ටේහ්‍යුන්ගෙනම් ඇගෙ මාලු ගගෙ නටන්න ගත්තා.මොන තරම් තරහක් හිතෙ තිබ්බත් හදවතෙ තාමත් පිරිලා තියන ආදරේ නිසා ටේහ්‍යුන් ටේශිගෙ කටින් වෙන පිරිමි කෙනෙක් ගැන කියනවටත් ඊරිසියා කරා.

විනාඩි තිහක් යද්දි ටේශි ආවෙ කන්දක් උඩට.

"මෙතනට ආවෙ මොකටද??"

🐺ÐÄRK §HÄÐÖW⚜️|| Kth || Completed Where stories live. Discover now