🐺⚜️End pt.01⚜️🐺

763 152 37
                                    

ටේහ්‍යුන් කකුල් වලට උපරිම ශක්තිය දීලා තප්පර දෙකක් යද්දි ඩාර්ක් ස්ටෝන් පැක් හවුස් එකෙ දොරත් කඩාගෙන ඇතුලට ගියෙ ඉහෙන් කනින් දාඩියත් දාගෙන

"ට්..ටේ.ටේශී...යාහ් ටේශියාහ්..අන්දවේ.මොකද මේ?? ටේශියා නැගිටින්න..ඇස් අරින්නකො...ආශ් චේබල් ටේශි.."

දොර කඩාගෙන එනවත් එක්කම ටේහ්‍යුන් දැක්කෙ පඩිපෙල පල්ලෙ ලේ පෙරාගෙන වැටිලා ඉන්න ටේශිව.ඇගම පන නැතිවෙනවා වගෙ දැනෙද්දි ටේහ්‍යුන් ටේශි ලගට දුවන් ගිහින් තමන්ගෙ අත්දෙකෙන් ටේශිව ඔඩොක්කුවට ගත්තෙ ගොඩක් පරිස්සමෙන් .

"ජූන්....ජූන් හියුන්...ඒරියා..ජන්කුකා..ජිමිනා..ආහ්හ්හ්හ් කවුරුත් නැද්ද??. යාහ් ටේශියා මොකක්ද වුනෙ..තමුසෙට ඔහොම ඇස් වහන් ඉන්න බැ.නැගිටිනවා..තමුසෙට මාව දාලා යන්න බැ..යාහ්හ් ටේශියාහ් "

ටේහ්‍යුන් පැක් හවුස් එක උඩයන්න කැගගහා බෙරිහන් දුන්නත් ටේශිගෙ කිසිම රිඇක්ට් එකක් තිබුනෙ නැ.ටේශිගෙ හදවත පවා ගැහෙන්නෙ නැ කියලා ටේහ්‍යුන්ට දැනුනෙ එ පපුවෙ අත තියන් ඉද්දිමයි..

"නැ නැ නැ ඒක වෙන්නැ..ඔයාට යන්න බැ..."

ටේහ්‍යුන් පිස්සෙක් වගෙ ටේශිගෙ කම්මුල් වලට ගගහා ටේශිට සිහිය ගන්න හැදුවත් ටේශි නෙමේ ඇස් ඇරියෙ එ ඇස් වැහිලා තිබුනෙ.එ වගේම හදවතෙ ගැස්මත් නැවතිලා තිබුනේ.ටේශිගෙ පපුව උඩ තිබුන මාර්ක් එක ටේහ්‍යුන් දැක්කෙ ටේශිගෙ බාගෙට ඉරිලා තිබුන ශර්ට් එක අස්සෙන්.ටේශිගෙ ශරීරේ එන්න එන්නම සීතල වෙනවා දැනුන ටේහ්‍යුන් ටේශිගෙ ශර්ට් එක ඉරලා විසිකරලා තමන්ගෙ තුරුලට ගත්තෙ තමනෙ ඇගෙ රස්නෙට ටේශිගෙ ශරීරෙත් උනුහුම් කරන්න පුලුවන් වෙයි කියලා හිතුන නිසා.

කොච්චර දරුනු රට් එකක් තිබුනත් එවෙලේ ඒක යකාට දාලා ටේශිව බේරගන්න ටේහ්‍යුන්ට ඕනෙවුනත් එ හිතෙ පසුතැවීම කිදාබැහැලා තිබුනා.ටේශිගෙ නිසල ශරීරය ටේහ්‍යුන්ගෙ උනුහුම් ශරීරය්ත් එක්ක ගැටෙද්දි ටිකෙන් ටික ආයෙම ටේශි උණුසුම් වෙන්න ගත්තා.

ටේශිගෙ මාර්ක් එක උඩින් තොල් තියපු ටේහ්‍යුන් ඒක උඩම මූන තියන් ඉකි ගගහා අඩන්න ගත්තේ කියාගන්න බැරි දුකක් කදුලු කරගන්න පුලුවන් වුන නිසා.

🐺ÐÄRK §HÄÐÖW⚜️|| Kth || Completed Where stories live. Discover now