🐺⚜️Chapter 12⚜️🐺

608 146 103
                                    

ටේශි ටේහ්‍යුන්ගෙන් ඈත්වෙලා යන්න හදද්දිම ටේශිගෙ ඇදලා අරගත්ත ටේහ්‍යුන් අවසරයකින් තොරවම ටේශිගෙ තොල්වලට නැඹුරු වුනා.ටේහ්‍යුන්ගේ එක අතක් ටේශිගෙ බෙල්ල පිටිපස්සට යද්දි අනික් අත ටේශිගෙ ඉනවටෙ දැවටුනෙ දෙන්නාට දෙන්නා තව තවත් ලංවෙද්දි.

ඒ ස්පර්ශයට ටේශි බයවෙලා ඇස්දෙකත් ලොකුකරගෙන බලන් හිටියෙ වුනෙ මොකක්ද කියලා තේරුන් ගන්න බැරුව.මාරුවෙන් මාරුවට ටේශිගෙ තොල් අතර දග කරන ටේහ්‍යුන් සිපගැනීම නවත්තන්නෙ නැතුවම ඇස් ඇරලා ටේශි දිහා බැලුවෙ හිත ඇතුලින් කෙල්ලගෙ පලවෙනි හාදුව තමන්ගෙ කරගත්තා කියන සතුටින්.

සිපගැනීම අතරතුර ටේශිගෙන් කිසිම ආපසු සිපගැනීමක් නොවුනත් ටේහ්‍යුන් තවතවත් සිපගැනීම දීර්ඝකරෙ ටේශිව පුලුවන් තරම් තමන් ලගට ලංකරගෙන.

තාලෙට ගැහෙන ටේහ්‍යුන්ගෙ හදවතෙ ගැස්ම ටේශිට ඇහුනත් ඊටත් වඩා වේගෙන් ගැහෙන තමන්ගෙ හදවත කොයි වෙලෙහරි එලියට පනී කියලා ටේශිට අනන්තවත් හිතුනා.

හුලගට හෙලවෙන උණගස්වලින් එන හඩත් , රැ අහසෙ වේගෙන් පියාඹන කුරුල්ලොන්ගෙ කිචි බිචියත් අදුරු අහසත් ටේහ්‍යුන්ට දිව්‍යලෝකෙක හැගීමක් ගෙනාවා.

තොල් වල ඉදන් හාදු තියතියා බෙල්ලටම ආපු ටේහ්‍යුන් ආයෙම බැලුවෙ ටේශි දිහා.එ ඇස් තාමත් ප්‍රශ්නාර්තයක් ඉතුරු කරලා තිබුනා.

"අහ්.ම්ම්.මේ ..සොරි , මට පාලනයක් නැතිවුනා.බයවෙන්න එපා ඔයාගෙ අවසරයක් නැතුව ආයෙම මෙහෙම දෙයක් වෙන්නෙනැ.එ වගේම ඔයාගෙ අවසරෙ නැතුව මාර්ක් කරන්නෙත් නැ..."

සැනින් ටේශිගෙන් තොල් ඉවත් කරපු ටේහ්‍යුන් අතකින් ටේශිගෙ කම්මුල් අතගෑවෙ ආදරය පිරුන හිතින්.ටේහ්‍යුන් ටේශිගෙ ඇස්දිහා බලන් කියද්දි ටේශි හිටියෙ ටේහ්‍යුන්ගෙ ඇස්වල අතරමං වෙලා.තාමත් ඉනවටෙ තියෙන අත ලිහිල් කරන ගමන් ටේහ්‍යුන් ටේශිගෙ මූනට වැටිලා තිබුන අකීකරු කෙස් කන පිටිපස්සෙ රැදෙව්වෙ පෙට්ටි හිනාවත් දාන ගමන්.

"ටේශි ඉන්න ටේශි.....ආශ් ටේශි ඔහොම ඉන්න .."

ටේහ්‍යුන්ව තල්ලුකරපු ටේශි වේගෙන් දුවගෙන කාර් එක නවත්තපු පැත්තට දිව්වා.තල්ලු කරපු පාරට ටේහ්‍යුන් බිමටම වැටුනා.







🐺ÐÄRK §HÄÐÖW⚜️|| Kth || Completed Where stories live. Discover now