🐺⚜️Chapter 18⚜️🐺

597 136 17
                                    

️🚫වසර පහකට පසු.

ඔව් අවුරුදු පහක් ගෙවිලා ගියෙ හී සැරයක වේගෙන්.නැම්හැන්සන් කන්ද මෙ අවුරුදු පහටම කරෙ අනුන්ගෙ කදුලු කතා අහපු එක.අදටත් එ කන්ද මුදුනෙ ආදර කතාවක පටන් ගැන්ම වගේම කදුලක අවසානයත් සිතල හුලග අස්සෙ මුමුනනවා.සෝල් දිහා බලන් ඉන්න නැම්හැන්සන් අදටත් එ ආදර කතාව වෙනස් වෙන්න තිබුනා කියලා හිතනවා.

"කුක් අපි යමු.දැන් සීතලත් වැඩිවෙනවනෙ."

"කෝ මට පැටියව දෙන්න.ඔයාට අමාරුයිනෙ"

කදු මුදුනෙ ඉදන් සෝල් දිහා බලන් හිටිය ජන්කුක්ගෙ පිටිපස්සෙන් ආපු ඒරි ජන්කුක්ට කතාකරෙ තව වෙලා හිටියොත් හවස් වෙන නිසා.ඒරිගෙ අතින් අල්ලගෙන ඒරිගෙ අතේ සැපට නිදන් හිටිය පුන්චි බබාව අතට අරගත්ත ජන්කුක් හිමීට නැමිලා ඒරිගෙ බඩට පුන්චි හාදුවක් දුන්නෙ තොල් වලට ගත්ත හිනාවත් එක්කමයි.දෙවෙනි වතාවටත් ඒරි අම්මා කෙනෙක් වෙන සතුට ලබන්න හිටියෙ ජන්කුක්ගෙ නමින් තවත් පුන්චි ලේකිරි කැටියෙක්ගෙ හදවතක් ඒරිගෙ තුල ගැහෙන නිසා.

"ඒරියා ඇයි මෙ කදුලු ?"

ඒරිගෙ ඇස්වල පිරිලා තියෙන කදුලු අතින් හිමීට පිහින ගමන් ජන්කුක් අහද්දි ඒරි ජන්කුක්ව බදාගත්තෙ මහ හයියෙන් අඩන ගමන්.

"එයා ඇයි එහෙම කරෙ කූ?? ඇයි එ?? එයා අද එ නිසාම විදවනවා කූ.ඇයි එදා එහෙම දෙයක් වුනෙ?"

"ශ්ශ්ශ්ශ් මැනික අඩන්නෙපා.එදා මමත් ටේ එක්ක ආවනම් මෙ දෙ නොවෙන්න තිබ්බා.අපෙ ටේ අපි එක්කම ඉන්න තිබ්බා.ටේශිත්.."

ජන්කුක් කතාව නවත්තලා ලොකු හුස්මක් පහත දැම්මෙ හිතෙ ලොකු බරකින්.එයාගෙ හිත කීවෙම එදා ටේහ්‍යුන් එක්ක ආවානම් අද මෙහෙම විදවන්නෙ නැතිවෙයි නේද කියලා.

විශ්වාස කරන්න පුලුවන් ද ?ආදරේ කරපු කෙනාව තමන්ගෙම අතින් මැරුවා කියලා .විශ්වාස කරන්න පුලුවන් ද? හිනාවුන ඇස් වෛරයෙන් මත් වුනා කියලා .විශ්වාස කරන්න පුලුවන් ද? තමන්ගෙ ආදරේම තමන්ගෙ මරනෙට හේතුවක් වුනා කියලා.

ඔව් එ හිත්වලට ඒ දේවල් විශ්වාස කරන්න වුනා.ඒත් මොකක්ද හේතුව?? අතීතෙ උන දේවල් අහසෙ වහගත්ත කලුවලාවක් වගෙ.

🐺ÐÄRK §HÄÐÖW⚜️|| Kth || Completed Where stories live. Discover now