🐺⚜️Chapter 19⚜️🐺

608 141 29
                                    

"ටේ මට යන්න දෙන්න"

ටේශි අත අඹරන ගමන් ටේහ්‍යුන්ට කිව්වත් ටේහ්‍යුන් කරෙ තව තවත් ටේශිගෙ අත තදකරලා අල්ලගත්ත එක විතරයි.

"අහ් කවුද ටේ කියන්නෙ? එ ටේ මැරුනෙ අවුරුදු පහකට කලින් කියලා අමතකද??.තමුසෙ මෙ අත්වලින් තමා එ ටේව මැරුවෙ.නැම්හැන්සන් වලදි එදා එ කෙනා යන්නම ගියා."

ටේහ්‍යුන් ටේශිගෙ ඇස්වලට බරවෙලා කියද්දි ටේශි එ රතුවුන ඇස්දිහ බලන් හිටියෙ කදුලු පිරුන ඇස්වලින් .

"මියන්හේ ටේ..ප්ලීස් ආපහු කලින් කෙනාම වෙන්න.මගෙ ටේ වෙන්න."

"හහ් තමුසෙ ඔය කටින් ආයෙ ටේ කියන නම කියන්න බැ තේරුනාද? ට අකුරවත් පිටවෙන්න බැ.ගොට් ඉට්.පලයන් මෙතනින් මගෙ දෑහෙට නොපෙනි."

"ටේ...ම්...ම..මට..හු..ස්ම.ගන්..න බැ.."..

ටේහ්‍යුන්ගෙ දැඩිඅත්වලට ටේශිගෙ බෙල්ල හිරවෙද්දි ටේශිගෙ පපුව එන්න එන්නම රිදෙන්න ගත්තෙ සලකුන පොඩ්ඩ පොඩ්ඩ තවත් කලුපාටට හැරෙද්දි.

"මැරියන්"

ටේශිව අත ඇරපු ටේහ්‍යුන් එතනින් කනත්ත ඇතුලට ගියෙ ටේශි දිහා හැරිලවත් නොබලා.ටේහ්‍යුන්ගෙ අතින් අතෑරුන ටේශි බිමට වැටුනෙ බෙල්ලත් අල්ලගෙන.ටේශිගෙ බෙල්ලෙ ටේහ්‍යුන්ගෙ අත් පාර රතුපාටට හිටලා තිබුනෙ එච්චරටම තදකරන් ටේහ්‍යුන් අල්ලගෙන හිටිය නිසා.

"මි.මිය..න්හේ ටේ.."

ටේශි බෙල්ල අතගාන ගමන් කියද්දි එ ඇස්වලින් කදුලු ආවාත් කදුලු පිහදාගෙන එතනින් නැගිටලා කනත්තෙන් එලියට ගියෙ පපුවත් අල්ලගෙන.

කනත්තට ආපු ටේහ්‍යුන් මල් බොකේ එක ඔම්මාගෙ සොහොනෙන් තියලා හිස් බැල්මෙන් බලන් හිටියෙ අද එ උගුරෙන් වචන පිටවෙන්නෙ නැති නිසා.වෙනදට ආවම කියවන ටේහ්‍යුන් අද නිශ්ශබ්දයි.

ඔම්මාගෙ සොහොනෙ වෙනදට විසිරිලා තියෙන ගස්වල කොල අද එතන තිබුනෙ නැ .ඒ වෙනුවට තිබුනෙ අලුතෙන් ගහපු ඉටිපන්දම් වගේම ලිලීමල් බොකේ එකක්.ඒක ගෙනාවෙ කවුද කියලා ටේහ්‍යුන්ට හිතාගන්න එච්චර වෙලා ගියෙ නැ.මල් බොකෙ එක අතට ගත්ත ටේ ඒක ඈතට විසිකරන්න හදලත් ආයෙම ඒක සොහොනින් තියලා නැගිට්ටෙ ඔම්මට නැමිලා ආචාර කරන ගමන්.

🐺ÐÄRK §HÄÐÖW⚜️|| Kth || Completed Where stories live. Discover now