🐺⚜️Chapter 15⚜️🐺

648 145 13
                                    

After 05 days

මෙ දවස් පහ ගෙවුනෙ හරි හිමීට..ටේහ්‍යුන් ටේශි දෙන්නාට දෙන්නා ලංවෙද්දි ජන්කුක් ඒරි දැක්කත් නොදැක්ක ගානට ඉන්න තරමට ඈත්වුනා.යුනි එකේ ලමයි ජන්කුක් පස්සෙන් එද්දි හැමදාම වගෙ ඒරි ඈත ඉදන් බලන් හිටියෙ ඊරිසියාවෙන් මත්වෙලා වගෙ..ජන්කුක් නොදැක්ක ගානට හිටියත් හැමදාම තමන් දිහා බලන් ඉන්න ඒරිව ජන්කුක් හැමදාම දැක්කා.ඒත් දෙන්නාගෙන් එක්කෙනෙක්වත් ඉස්සර වෙන්න නොගියෙ දෙන්නම මුරණ්ඩු නිසා.



🚫At another place.

"ඇල්ෆා ටේහ්‍යුන්, එහෙනම් අපි ඉක්මනටම හම්බෙමු.ඔයා මම එනකම් බලන් ඉන්නෙ කියලා මම දන්නවා . එවගේම ඔය ඇස් ඉස්සරහම ඔයාගෙ මේට් මගෙ ලූනා කරගන්නවා බලන්න ලෑස්ති වෙන්න..Wait and watch."

සිගරට් එක කටෙන් අරගෙන එලියට පිටකරපු දුමාරෙ දිහා ඔලුව පැත්තට හරවලා බලන ගමන් එ කෙනා කිව්වෙ කින්ඩියට හිනාවෙන ගමන්.

"බොස් එල්ඩර්ස්ලා ඇවිත්."

"ඔය නාකි උන් මොන කෙහෙල්මලකටද එන්නෙ?"

"ඇල්ෆව හම්බෙන්න ඔනෙලු."

"ශිට් .එන්න කියනවා ."

දිගම දිග කලුපාට ලෝගු ඇදගෙන ආපු එල්ඩර්ස්ලා ඔලුවෙ තිබුන කබාය අයින් කරෙ ඉස්සරහ ඉන්න කෙනා දිහා බලන ගමන්.

"මොකටද ආවෙ.??"

"ඔයා මොනවා කරන්න හැදුවත් ඒ දේ වැරදි.එ දෙන්නට එකතුවෙන්න දෙන්න.ටේහ්‍යුන් තමා හරිම හෙඩ් ඇල්ෆා.එ වගේම හෙඩ් ලූනා ටෙශි විතරයි "

"තමුසෙලගෙ කට හොදටම වැඩි.තමුසෙලා එල්ඩර්ස්ලා නිසයි මෙච්චර කල් නිකම් හිටියෙ..හොදට අහගන්නවා.හෙඩ් වෙන්නෙ මම එ වගෙම මගෙ ලූනා ටේශි .did you understand dumb elders..??"

එල්ඩර්ගෙ බෙල්ලෙන් අල්ලගෙන අතෙ පාර හිටින්නම බෙල්ල මිරිකපු කෙනා.රතුවුන ඇස්වලින් එල්ඩර්ස්ලා දිහා බැලුවෙ ගොරවන ගමන්.

"ඔ...ඔයා..මො..මොනවා..කරත්...එ ..දෙන්නගෙ...දෛවය ...එ...එකට ..එ..එකතු...වෙ...න්න..ලි..යලා..ති..යෙන්..නේ..ඔ..යට..ඒ..ඒක නවත්ත..න්න..බැ...නිම්.."

අත්වලින් ගැලවෙන්න උත්සහ කරන එල්ඩර් කකුල් දෙකත් හොලව හොලව බේරෙන්න උත්සහ කරත් එ අත් තවතවත් තදවුනා මිසක් ලිහිල් වුනෙ නැ.අනික් එල්ඩර්ස්ලා පවා එතනින් දිව්වෙ ජීවිතේ බේරගන්න .

🐺ÐÄRK §HÄÐÖW⚜️|| Kth || Completed Where stories live. Discover now