Chapter 1

2.3K 319 34
                                    

"මම ආපහු සැරයක් අහන්නේ නෑ..... එදා තමුසේ ඒ මිනීමැරුම කරේ කාගේ කීමටද..........ආහ්?......."

"ම....මම දන්....නේ න්....නෑ........මම කි....කිසි දෙයක් දන්නේ නෑ..........ප්ලීස්......මාව.....ආආආආආආආආආආආආහ්හ්හ්.........."

එකපාරටම වේගයෙන් එල්ල වුණු කිණිස්සක් එතන විම වැටිලා හිටපු උඩුකය නිරුවත් යම් අයෙක්ගේ පපුව මතින් කැපීගෙන ගියේ ඔහුගේ රුධිරය කිණිස්ස අතැතිව සිටි පුද්ගලයාගේ මුහුණට විසික් වෙද්දි.....එම පුද්ගලයාගේ විලාපය එම පාලු පෙදෙසයෙහි දෝංකාර  දුන්නත් එය අසා සිටීමට සිටියේ ඔහු ඉදිරියේ වූ පුද්ගලයා සහ ඔහු වටා සිටි තවත් සුලු පිරිසක් පමණි .......

"තමුන් දැන් ඇත්ත නොකිව්වොත් ඊළගට මේ පිහිය යන්නේ තමුන්ගේ පපුව මැදින්...... දැන්වත් කියපන්....."

"අහ්......හ.......හරි හරි මං.....මම කියන්නම්....."

කට කොනින් හිනාවක් දැමූ අනෙක් පුද්ගලයා......

"කියපන් ඉතින් ..."

"ඒ.......ඒ මර්ඩර් එක ක...ක..රන්න කිව්වේ Mr.Kim...... ඔ.....ඔව්....ව් ඒක කරන්න කි.....ව්වේ කිම් කම්පැනි එකේ ඕර්නර් Mr.Kim ............"

බොහෝ කැපුම් තුවාලවලට මුහුණ දී සිටි එම පුද්ගලයා වේදනා බර කටහඬකින් එහෙම කියනකොට ඒ පිළිතුරට කට කොනින් හිනාවක් දැමූ අනෙක් පුද්ගලයා තමාටම මෙන් ...............

"ඒ කියන්නේ මගේ අනුමාන කිරීම හරි........"

"ප්ලීස්......මට යන්න දෙන්න.... මට මගේ පවුල ළගට යන්න ඕනේ....."

"තමුසේ පවුල ගැන හිතන්න තිබ්බේ මේ දේවල් කරන්න ඉස්සෙල්ලනේ......."

කට කොනින් හිනාවක් සහිතව ඔහු එලෙස කියමින් ටික ටික බිම වැටී සිටි පුද්ගලයාට සමීප වනවත් සමගම අනෙක් පුද්ගලයා එම පුද්ගලයාගේ වියරුව දැක ආයාසයෙන් හට ගත් බිය හේතුවෙන් උත්සහ කළේ ඔහුගේ ‍රකුසු දෑස්වලින් මිදී යාමට යි........

"අනේ.... ම......මම ඒ..... දේවල් ක....කරේ.... මිස්ටර් කිම්ගේ උ....වමනාවට....ප්ලීස්.....සර්.....ම...මාව මරන්න එපා....."

"සල්ලිවලට නේද ඒ විදිහට අහිංසක ජීවිතයක් නැති කරලා දැම්මේ.... සල්ලි හොයන්න මෙච්චර දේවල් තියෙද්දි උබලාට මිනීමරන එකද හරි ගියේ ආහ්........ එදා ඒ ඔම්මා තමුන් වගේ තමන්ගේ ජීවිතේ නෙවෙයි අයැදුවේ...... එයාගේ චූටි පැටියගේ ජීවිතය බේරලා දෙන්න කියලා...... කාගෙ කීමට කළත් තමුන් කොහොමද ඒ අහිංසක ඇස් දිහා බලාගෙන කිසිම හැගීමක් දැනීමක් නැතුව ඒ වගේ තිරිසන් විදිහට මරලා දැම්මේ ආහ්......."

𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)Waar verhalen tot leven komen. Ontdek het nu