"සමාවෙන්න..."
"සමාවක් දෙන්න හිතෙන්නේ නෑ...ඒත් ඔයාගේ වැරැද්දක් නෑ...මොකද ඔයා මාව ගෙනියන්නේ වෙන කෙනෙක්ගේ කීමට වගේම ඒක ඔයාගේ රස්සාව කියලා මම දන්නවා..."
ටේහ්‍යුන්ග් එහෙම කියද්දි ජන්කුක් ගැඹුරු සුසුමක් හෙලුවේ ඉදිරියට යන ගමන්මයි.
"මට එක ප්‍රශ්නයක් තියෙනවා...."
"ඔව් මොකක්ද?..."
"ඔයාලගේ පවුලම මිස්ටර් කිම්ට කැමති නැතිවෙන්න හේතුව මොකක්ද?...."
"මම හිතන්නේ ඒක බොඩිගාඩ් කෙනෙක්ට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි ජන්කුක්...."
"ඕහ් සමාවෙන්න......"
හිතේ කලකිරීමකින්ම නිහඬ වූ ජන්කුක් ටේහ්‍යුන්ග් සමග තවත් ඉදිරියට ඇවිද ගියා.ජන්කුක්ගේ ඒ සන්සුන් හැසිරීම ලොකු වෙනසක් කියලා ටේහ්‍යුන්ග් හොදින්ම තේරුම් ගත්තා.දෙදෙනාම නගරය මැදින් පයින්ම ආපහු මැන්ශන් එකට යන අතරේ එලෙස කතා කරද්දි මද වේලාවක් එහි තිබූ නිහඬතාවය ටේහ්‍යුන්ග් බිද දැමුවා...
"මොකද ඒ මගේ අප්පා නෙවෙයි..."
ටේහ්‍යුන්ග් බිම බලාගෙනම එහෙම කියද්දි පුදුම වූ ජන්කුක් ටේහ්‍යුන්ග් දෙස බැලුවා.
"ඔව් ජන්කුක්...ඒ මගෙ අප්පා නෙවෙයි...මගේ අප්පා අපි පොඩිකාලෙදිම නැතිවෙලා...මහලොකු වැදගත් පවුලක නොවුනත් ජන්හ්‍යුන්ගේ තිබුන කරුණාවන්තකමටමයි ඊටපස්සෙ ඔම්මා එයාව මැරි කරේ...එයත් කිම් කෙනෙක් වුන එක අහම්බයක්...කාලයක් එයා අපි එක්ක ගොඩක් සතුටින් හිටියා...හැමෝටම හිතුනේ ආපහු අපේ පවුල සම්පූර්ණයි කියලා...එයා මම පුංචි කාලේ ඉදන්ම මාත් එක්ක කාලය ගත කරන හොදම අප්පා කෙනෙක් වුනා...ඒත් ඒක තාවකාලික දෙයක් විතරක් වුණා...මොකද අපේ පවුලට ඇතුල් වෙන්න එයාගේ ලොකුම අරමුණ වෙලා තිබුනේ මගෙ අප්පා කරගෙන ගියපු බිස්නස් සේරම එයාගේ නමට හරවගන්න එක...ඔම්මත් ඒ කාලේ එයාට ගොඩක් රැවටිලා තිබුන නිසා එයා අන්තිමේ ඒකත් කරගත්තා...හිතුවෙවත් නැති විදිහට පස්සේ එයා අපිව දාලා ගියා...ඒක කාටත් වඩා දැනුනේ මට...එයත් එක්ක ගත කරපු මගෙ පුංචි කාලේ මතක් වෙද්දි...අනේ මන්දා එයා තාමත් ගොඩක් මන් ගැන විතරක් හොයලා බලනවා...ගොඩක් ආරක්ෂා කරනවා...කිසිම අඩුපාඩුවක් කරන්නේ නෑ...මට හිතාගන්න බෑ...ඔම්මට අඩුම ගානේ ඩිවෝස් එකවත් නොදෙන නිසා ඔම්මා අපි හැමෝම එක්ක පැත්තකට වුනා..."
YOU ARE READING
𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)
Fanfictionඩැඩී ... ඩැඩී ...??? ජස්ට් ෆලෝ මී ... ආෂ් මොන කරදරයක්ද මේක ... __________________________________________________ 💚💜️ 💚💜️ 💚💜️ කළු හදවතක් පාට කරමින් නේක වර්ණයෙන් උතුරා ගිය ආදරය ... (This is just a fanfiction created from my imagination. please...