Chapter 8

1.5K 294 95
                                    

"ඩැඩී................."

"හත් දෙයියනේ........"

ටේ ඉන්න තැන දිහා උඩ බලාගෙන බලපු ජන්කුක්ට එහෙම කියවුණේ ඉබේටමයි.... සැණකෙලියේ තිබුන Roller coaster එකේ උඩ ඉදගෙන බොක්සි ස්මයිල් දාගෙන ටේ අතත් වනන ගමන් ජන්කුක්ට ඒ විදිහට කතා කරේ උද්‍යානේ හිටපු අනිත් මිනිස්සුත් ටේ ඩැඩී කියලා කතා කරන ජන්කුක් දිහා බලද්දි... ඒ ගැන වැඩි අවධානයක් නොදුන්න ජන්කුක්ගේ හාට් එක අසූ හාරදාහට ගැහෙන්න ගත්තේ ටේහ්‍යුන්ග් කිසි ගානක් නැතුව හිටියට ඒකේ යන කොට දැනෙන ෆීලින් එක මොනවගේද කියලා ජන්කුක් හොදටම දන්න නිසා..... ජන්කුක් Roller coaster එක ළගට දිව්වේ ජැක්සනුත් ඒ පස්සෙන් යද්දි..... අත් දෙක කට දෙපැත්තෙන් තියාගෙන කෑ ගහන්න ගත්තු ජන්කුක්.....

"කොහොමද ඔතනට ගියේ....."

උඩ ඉදපු ටේහ්‍යුන්ග්....

"ඈ........"

"මම කිව්වේ කොහොමද."

"ඕ..."

"ඔතනට ගියේ...."

"ටේටේ....... ඩැඩීගේ.....පර්ස් එකෙන්.... සල්ලි අලගෙන..... ටිකට් එකක්.... ගත්තා.... ඩැඩීත් එන්නකෝ......."

"මගෙ පර්ස් එක....."

ටේ අතේ තියෙන පර්ස් එක පෙන්නලා වචනෙන් වචනේ එහෙම කියද්දි ජන්කුක් තමන්ගේ සාක්කුව අත පත ගාලා බැලුවම තමයි තේරුනේ පර්ස් එක නෑ කියලා.ජන්කුක් වෙවුලනවා වගේ දැක්ක ජැක්සන්.....

"මොකද උබ බයවෙලා...."

"ටේ ඒකේ යද්දි බයවෙයි මනුස්සයෝ..."

ජන්කුක් නියපොතු හප හප Roller coaster එක දිහා බලාගෙන එහෙම කියද්දි හොදට හිනාවෙවී ඉන්න ටේ දිහා බලලා ආපහු ජන්කුක් දිහා බලපු ජැක්සන්.......

"ඒ ළමයටවත් නැති රුදාවක්නේ උබට තියෙන්නේ......"

"ඔයා මුලින් ඔහොම එකක ගිහින් තියෙනවද..."

ජන්කුක් ආපහු කෑ ගහලා ටේගෙන් එහෙම අහද්දි.....

"මොකක්......"

"ඔයා....."

"ඕ....."

"මුලින්...."

"ඕ......."

"ඕකේ....."

"ඕ....."

"ගිහින් තියෙනවද...."

𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)Where stories live. Discover now