Chapter 21

1.3K 232 184
                                    

Comment goal 50

"ම්...මට මට බයයි ජ..න්කුක්..."

ටේහ්‍යුන්ග් වචන පටලවමින් කියද්දි ජන්කුක් ටේහ්‍යුන්ග් ගැන වද වුනේ එයාගේ මූණෙන්ම පෙනුණ බය දැකලා.

"බය වෙන්න එපා සර්...මම ඉන්නවනේ......සර්ට මුකුත් වෙන්නේ නෑ..."

ජන්කුක් එහෙම කියද්දි තොල් හපාගත්තු ටේහ්‍යුන්ග් බිම බලාගෙන ඔලුව වැනුවා.පස්සේ ටේහ්‍යුන්ග් මෙච්චර වෙලා අල්ලගෙන හිටපු ජන්කුක්ගේ අත අතෑරියේ මෙච්චර වෙලා ජන්කුක්ගේ බඩ ඇතුලේ පියාඹපු සමනල්ලු ටික එළියට යද්දි.

පාර්ක් එකකට ඇවිල්ලා හිටපු ටේකුක් දෙන්නගෙන් ටේහ්‍යුන්ග් කැප් එකක් දාගෙන සිටි අතර ඔහුත් එක්කම හිටපු ජන්කුක් මාස්ක් එකක් දාගෙන කාටවත් අදුරගන්න බැරිවෙන විදිහට හිටියා.

එතන ලව් පාර්ක් එකක් නිසා එහෙන් මෙහෙන් කපල්ස් එහෙමත් ගොඩක් හිටියා.ජන්කුක්ට තිබුන එකම ප්‍රශ්නෙ වුනේ බ්ලැක්මේල් කරපු එකා ටේහ්‍යුන්ග්ට මේ වගේ තැනකට එන්න කිව්වේ මොකද කියන එක.

"එයා ඇවිත්ද?..."

"තාම නෑ වගේ...."

ජන්කුක් වටපිට බලන ගමන් කිව්වා.

"කවුරුත් දකින්න ඉස්සෙල්ලා මම මෙතනින් යන්නම් සර්...බය වෙන්න එපා..මම ළගම ඉන්නවා හරිද?..."

"ජන්කුකී......"

ජන්කුක් එතනින් යන්න හදද්දිම ජන්කුක්ගේ අත අල්ලන් ටේහ්‍යුන්ග් එහෙම කියද්දි ජන්කුක්ගේ බඩ ඇතුලේ ආපහු සමනල්ලු පියාඹන්න ගත්තා.කෙල ගුලියක් ගිලපු ජන්කුක් ආපහු ටේහ්‍යුන්ග් දිහා බලද්දී ටේහ්‍යුන්ගේ ඇස්වල පිරිලා තිබුන කදුළු දැකලා ජන්කුක් බය වුණා.

"ටේහ්‍යුන්ග් සර්? ඇයි මේ...මම කිව්වනේ බය වෙන්න එපා..."

ජන්කුක් ආපහු ගොඩක් සන්සුන් විදිහට එහෙම කියද්දි නහය උඩට ඇදලා මූණත් බෙරි කරගෙන කතා කරපු ටේහ්‍යුන්ග්....

"ජන්කුකී මට තාම උත්තරයක් දුන්නේ නෑ...."

"මොන?..."

ජන්කුක් එහෙම අහනකොට ටේහ්‍යුන්ගේ ලැජ්ජාව වැඩි වුණා.එයා හිටියේ කියාගන්න බැරුව ලත වෙවී වගේ.

𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)Where stories live. Discover now