Chapter 18

1.3K 278 230
                                    

Comment goal 50

අනිත් දවසේ උදේ හෙමිහිට ඇස් ඇරපු ටේහ්‍යුන්ග් තමන්ට දැනුනු වෙනස්ම ව්දිහේ සනීපය නිසා නැවතත් ඇස් පියාගෙන ඒ උණුහුමට තුරුලු වුනා.ඒත් තමන් ඉන්න තැන ගැන මොකක්දෝ අමුතු ගතියක් දැනුන ටේහ්‍යුන්ග් ලාවට ඔලුව උස්සලා හීනි ඇස්වලින් ඉස්සරහ බැලුවා.

එයාගේ ඇස් ටිකෙන් ටික ආලෝකයට හුරුවෙද්දි එකපාරටම....

"ආආආ......ඔම්මා!!!......."

මහ හයියෙන් කෑ ගැහුව ටේහ්‍යුන්ග්ව කෙළවරේම හිටපු නිසා ඇදෙන් බිමටම වැටුණේ මෙච්චර වෙලා තමන්  ජන්කුක්ගේ නිරුවත් පිරිමි පපුව උඩ නිදාගෙන තියෙන්නේ කියලා දැනගත්තු ශොක් එකට.බිම වැටුණ ටේහ්‍යුන්ග් කර කියාගන්න දෙයක් නැතුව දඩිබිඩි ගාලා ඇද යටට රිංගලා කකුල් දෙක බදාගත්තේ එයාගේ වෙවුලන ඇගිලිවල නියපොතුත් හපන ගමන්.

ටේහ්‍යුන්ගේ විලාපයටම හිමීට ඇහැරුණ ජන්කුක් හීනි කරපු ඇස්වලින් වටපිට බලන්න ගත්තා.

"පුතේ......ඇයි කෑ......"

ඒත් එක්කම කාමරේ දොරත් ඇරගෙන දුවගෙන ආපු ටේහ්‍යුන්ගේ මව කට අතින් වහගත්තේ ශර්ට් එකේ බොත්තම් ඇරගෙන අවුල් වුණ කොණ්ඩෙත් කස කස හීනි කරපු ඇස්වලින් තමන් දිහා පොඩි එකෙක් වගේ බලන් ඉන්න ජන්කුක්ව දැකපු නිසා.

"ඇයි ඔම්මා..."

තත්පරයක්වත් ගත වෙන්න ඉස්සෙල්ලා එතනට ආපු ජින් ඒ සැරේ කටත් ඇරගෙන බලන් ඉදිද්දි ඊටපස්සෙ ආපු නැම්ජූනුත් කාමරේ ඇතුළේ වෙන්න මොනාද කියලා දැකපු ශොක් එකට ජින්ගේ ඇස් වහලා පිටිපස්සට ඇද්දා.එතන එක්කෙනෙක්ටවත් ටේහ්‍යුන්ග් කොහෙද කියලා අහන්න සිහියක් නැතුව ඉදිද්දි එකපාරටම ටේහ්‍යුන්ග් ඇද යට ඉදන් එළියට ඇවිල්ලා ඔම්මවයි ජින්වයි නැම්ජූන්වයි තුන් දෙනාවම කාමරෙන් එළියට තල්ලු කරගෙන ගිහින් දොර වහලා එළියට ආවේ තාමත් අඩ නින්දේ ඉන්න ජන්කුක් කිසි දෙයක් හිතාගන්න බැරුව වැහුණ දොර දිහා ටික වෙලාවක් බලන් ඉදලා ආපහු කොට්ටේ බදන් අනිත් පැත්තට නිදාගනිද්දි.





ඒ අතර එක් කළුවර කාමරයක හිටපු ජිමින් හෙමීට ඇස් අරිද්දි දැනුනේ තමන්ගේ අත් ගැටගහලා තියෙනවා වගේ.කළුවර වුනත් එක බල්බ් එකකින් විහිදුනු පොඩි එළියෙන් අන්ධකාරය ටිකක් අඩුවෙලා තිබුනා.කිසිවෙක් නැති පාලු තැනක තමන් තනිවෙලා බව තේරුන ජිමින් බයෙන් වෙවුලන්න ගත්තා.

𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)Where stories live. Discover now