Chapter 13

1.3K 255 131
                                    


"ටේහ්‍යුන්ග්....තාම රෙඩි නැද්ද...."

ටේහ්‍යුන්ගේ කාමරය ඉස්සරහ දැන් පැය බාගයක විතර ඉදන් එහෙට මෙහෙට යන ගමන් හිටපු ජන්කුක් දොරට තට්ටුවක් දාලා එහෙම ඇහුවේ ඇතුළින් ටේහ්‍යුන්ගේ කටහඬ ඇහෙද්දි.

"ඇතුළට එන්න එපා!..."

"හරි හරි එන්නේ නෑ....."

එහෙම කියලා ජන්කුක් ආපහු වෙලාවත්  බලන ගමන් එතන කැරකෙන්න ගත්තා.

"ජ්....ජන්කුක්...."

ආපහු ටික වෙලාවකින් ටේහ්‍යුන්ගේ කටහඬ ඇහෙද්දි ඉක්මනට දොර ළගට හේත්තු වුන ජන්කුක්....

"ඔව් කියන්න...."

"ම්...මට.....මේ....."

ටේහ්‍යුන්ග් වචන පටලද්දි කුතුහලය වැඩිවුණ ජන්කුක් ආපහු කතා කරා...

"කියන්න...මම එන්න ඕනද..."

"එපා එපා....මට...ම්.....මට....මට අදින්න ඇදුමක් නෑ...."

එකපාරම ටේහ්‍යුන්ග් කියලා දැම්මේ ජන්කුක්ගේ ඇස් උඩ යද්දි.

"එදා ගෙදර තියෙන සේරම ඇදුම් ටික ගෙනාවා නේද....."

"ගෙනාවද....එහෙනම් කෝ ඒවා...."

ටේහ්‍යුන්ග් ආපහු කියද්දි ටේහ්‍යුන්ග් ඉන්නේ බිග් ස්පේස් එකෙන් කියලා අමතක වුනු ජන්කුක්.....

"දන්නේ නෑ වගේ අහන්.....ආයිෂ්...."

ජන්කුක් කතාව නතර කරලා ඔලුවට අත ගහගත්තේ ටේහ්‍යුන්ග් ඒ ගැන කිසිම දෙයක් දන්නේ නෑ කියලා මතක් වෙලා වගේම ගරාජ් එකේදි සේරම බඩුත් එක්කම කාර් එක විනාශ වුණ හැටි මතක් වෙලා....

"ආහ් නෑ නෑ... මගෙත් එච්චර ඇදුම් මෙහේ නෑ...මගේ එකක් දෙන්නද..."

"ඔයාගේ ඒවා ඇන්දොත් මම ගෝනියක් බස්සගත්තා වගේ ඉදියි..."

ටේහ්‍යුන්ග් ආපහු එහෙම කියද්දි ජන්කුක් දොරටම දෙපාරක් ඔලුව ගහගත්තා.

"එහෙනම් ඔය ඉන්න බෙයා ඇදුමෙන්ම එන්න...."

"මොකක්!....."

ටේහ්‍යුන්ගේ පුදුමයෙන් කෑ ගැහුව වොයිස් එක ජන්කුක්ට ඇහුණා.

"වෙන කරන්න දෙයක් නෑනේ...දැන් ඉන්නේ ටේටේ නොවුනට ඔයාමනේ ඔය වගේ ඒවා අදින්නත් කැමති...යන ගමන් මොකක්හරි ගමු..."

𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)Where stories live. Discover now