Chapter 22

1.4K 227 187
                                    

"ඇයි මිස්ටර් කිම් පහුගිය කාලේ වුන කිසිදෙයක් ගැන ඇහුවේ නැත්තේ? ඒ විතරක්ද... ඇක්සිඩන්ට් එකටත් එයා මුකුත්ම කිව්වේ නෑ...අනික මිස්ටර් කිම් මොකටද අපිව මේ එකපාරටම හොටෙල් එකකට එක්කගෙන ආවේ? මොකක්ද එයා කරන්න හදන්නේ ජිමිනි?

ජිමිනි....

ජිමිනි?....."

හොටෙල් රූම් එකක් ඇතුළේ තිබුන කණ්නාඩිය ඉස්සරහ හිටගෙන හිටපු ටේහ්‍යුන්ග් බර කල්පනාවක ඉදලා එහෙම කියලා ජිමින්ට කිහිපවතාවක්ම කතා කරත් ජිමින්ගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නැති නිසා ටේහ්‍යුන්ග් හැරිලා බැලුවා.ඒත් ඒ හැරිලා බැලුව ටිකට ඇස් ලොකු කරගත්තු ටේහ්‍යුන්ග්......

"ඒ...ඒ...ජිමිනි!!!......"

කාමරයේ තිබුන ජනේලය උඩට නගින්න හදපු ජිමින් ළගට දුවගෙන ගිහිල්ලා ජිමින්ව පිටිපස්සෙන් බදාගත්තේ ටේහ්‍යුන්ග්ව ගැහෙන්න ගනිද්දි.

"මාව අතාරින්න ටේ..."

"මො...මොකක්ද ඔය කරන්න හදන්නේ?..."

"පනින්න...."

"මෙ...මෙතනින්???......"

තට්ටු දහයක් විතර උසකින් තියෙන කාමරේ ඉදන් පහළ බලන ගමන් ටේහ්‍යුන්ග් වෙවුලන ස්වරයෙන් කිව්වා.

"මම මෙතනින් පැනගන්න හදන්නේ....."

"ඒ මොකටද?...."

"ඔයාට මන් හින්දා කරදරයක් වෙන්න තිබුනා කියලා මිස්‍ටර් කිම් මාව මරන්නද දන්නෑනේ මෙහෙම කාමරයක් අස්සක හිර කළේ...."

ජිමින් එලෙස කියද්දි ටේහ්‍යුන්ග් සුසුමක් හෙලුවා.

"මරන්න තරම් දෙයක් වුනාද ජිමිනි...ඒක නෙවෙයි...ඔයාට සැකයක් හිතෙන්නේ නැද්ද?...."

"මොකක්හරි දෙයක් තියෙනවා කියලා මටත් හිතෙනවා...මිස්ටර් කිම් මට කිව්වා කොහෙවත් යන්න එපා කියන්න දෙයක් තියෙනවා ඒ නිසා ටේහ්‍යුන්ග් එක්කම ඉන්න කියලා..අනික එයාගේ කා' එක ඇක්සිඩන්ට් වුන එකටත් එයා මුකුත් කිව්වේ නෑ...ශුවර් එකටම කාර් එක ඇක්සිඩන්ට් වුන එකට මාව මරන්න හදන්නේ...."

"ආශ්...මෝඩයෝ!.."

"කීයේ ඉදන් අපි දැන් මෙතනද ටේ.... මම මේ බටේ දිගේ බඩගාගෙනවත් පැනගන්න හිතුවේ....අනේ මගෙ තරුණ ජීවිතේ මේ නරියා නිරපරාදේ නැතිකරලා දැම්මොත්..."

𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)Where stories live. Discover now