Chapter 9

1.5K 282 71
                                    


"ස්.....සන්සුන් වෙන්නකෝ මිස්ටර්.මම හිතන්නේ ඔයා ටේ ලිට්ල් ස්පේස් එකේදි කරන වැඩ ඒ තරම් අල්ලන්නේ නැති කෙනෙක් වගේ."

තමාගේ කොලරයෙන් අල්ලා සිටින තරහෙන් වෙවුලන ජන්කුක් දෙස බලා හෝසෝක් සන්සුන් ස්වරයෙන් කිව්වේ ජන්කුක්ගේ තත්වය හොදටම තේරුම් අරගෙන වගේ.

"ඔව්.මේ පැය ගානට මම විකාර කරදර කීයක පැටලුනා කියලා දන්නවද.මම වගේ කෙනෙක්ට මේ දේවල්.....හහ්...කියලා වැඩක් නෑ."

හෝසෝක්ව ග්‍රහණයෙන් මුදවපු ජන්කුක් එහෙම කියලා හයියෙන් හුස්ම ගන්න ගමන් අනිත් පැත්ත බලාගන්නකොට දැක්කේ බයෙන් වගේ එයාලා දිහා බලාගෙන ඉන්න ටේව. ඒත් බඩට අත තියාගෙන හිටපු ටේ එකපාරටම කෑ ගහන්න ගත්තේ ජන්කුක්ගේ ග්‍රහණයෙන් මිදුන පාර තමන්ගේ ඇදුම හදලා වටපිට බලන ගමන් උගුර පාදපු හෝසෝක්ගෙත් අවධානය එයා ළගට යද්දි....

"අනේ ඩැඩී......"

"යාහ්.... ඒ සැරේ මොකද...."

ජන්කුක් ටේ දිහා බලලා ඒ විදිහට කතා කරද්දි හෝසෝක්ට හිනාවක් ගියේ ඉබේටමයි.ඒත් ටේ දිහා බලපු ජන්කුක්ගේ තරහ ඉබේම නැතිවෙලා ගියේ ටේගේ ඇස් දෙකේ පිරිලා තියෙන කදුලු දැකලා.

"ඩැඩී අනේ එන්නකෝ..."

ටේ හොදටම අඩන ගමන් කෑ ගහද්දි ඉක්මනටම එතනට දුවලා ගිහින් ජන්කුක් ටේ ළග දණ ගහලා ඉදගෙන...

"ඇයි ආපහු රිදෙනෝද..."

"ඉහි...ඉහි ඔව් ටේටේගෙ බඩ ආපහු සිදෙනෝ.හුවෑ."

ටේ කෑ ගහලා අඩනකොට ජන්කුක් එයාට එහා පැත්තෙන් ඉදගත්තත් කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව වගේ හිටියේ ටේ ජන්කුක්ගේ පපුව උඩින් ඔලුව තියද්දි.ටික වෙලාවක් හිතලා හිතලා ටේගෙ කෙස් අතරින් අත් ගෙනියපු ජන්කුක් ටේගෙ හිස පිරිමදින ගමන්...

"හ...හරි දැන් ඩොක්ටර් ළගට යන්නනේ ඉන්නේ.අඩන්න එපා."

"හ්ම්..."

"ඒයි...මේ ශර්ට් එකත් විනාස කරන්නද යන්නේ."

ටේ ජන්කුක්ගේ ශර්ට් එකෙන් නහයත් හූරන ගමන් ඇඩුවත් මොනාවුනත් මේ තරම් වෙලා විකාර වැඩ කර කර හිටපු කෙනෙක් ඇත්තටම අඩද්දි කාටද අනුකම්පාවක් නොහිතෙන්නේ... ඉතින් ජන්කුක්...

𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)Tahanan ng mga kuwento. Tumuklas ngayon