Chapter 3

1.7K 293 100
                                    

එදින මධ්‍යම රාත්‍රියේ ජන්කුක් කිම් මැන්ශන් එකෙන් පිටතට ගියේ ඔහුට පැවරූ කාර්යය කිරීමටයි......... කුඩා නමුත් දෙමහල් නිවසක් ඉදිරියේ කාරය නතර කළ ඔහු නිවසේ තාප්පයෙන් පැන නිවසට ඇතුළු වී පිටතින් නිවසේ දෙවෙනි තට්ටුවට නැග පැවසූ ලෙසම නිවැරදි කාමරයේ කොරිඩෝවට පැමිණි ඔහු මදක් හති අරින්නට විය................ මද වේලාවක් එලෙස සිටි ජන්කුක් කොරිඩෝවේ වීදුරු දොරටුවේ දොර රෙද්ද අතරින් දුටුවේ අහසේ ලා සද එළියට නිරාවරණය වී දීප්තියෙන් දිදුලන එක් සුරදූතයෙක් හා සමාන හුරතල් රුවක්........... කටේ ඇගිල්ලත් ගහගෙන ස්ලීපින් බියුටි කෙනෙක් වගේ නිදාගෙන ඉන්න ඒ කුමාරයා දැකපු ජන්කුක්ට මොහොතකට අමතක වුනේ තමන් කරන්නද ආවේ කුමක්දැයි කියා.......... එකවර පියවි සිහියට පැමිණි ඔහු නැවතත් ඒ රුව දෙස ඇස් හීනි කර බලා සිතන්න ගත්තේ තමන් පැමිණියේ නිවැරදි කාමරයට ද බව..........

"මේකා පොඩි එකෙක් වගේනේ......."

තමාටම එලෙස පැවසූ ජන්කුක් අතට ගත්ත මොකක්දෝ ගැජට් එකකින් දොර විවර කර හිමීට ඒ කෙනා ඉන්න ඇද ළගට ළං වී ටේහ්‍යුන්ග්ව රැගෙන යාමට සැරසුණත්................

"ගාන්න....ගහන්න.....ඔන්න බලාගෙන.... ආ.....ඩිශුම්.....ඩිශුම්......"

නිදාගෙන හිටපු ටේහ්‍යුන්ග් එකපාරටම අත පය විසික් කර කර කෑ ගහන්න ගත්තේ ජන්කුක් එයා දිහා මුට මොකක්ද මේ වුනේ බැල්මකින් බලාගෙන ඉන්න අතරේ...............

"ඒයි නැගිටිනවා............." ජන්කුක් මදක් තදින් එලෙස පැවසුවත් ටේහ්‍යුන්ගේ වෙනසක් වුනේ නැති නිසා එයා ළගට පාත් වුනාම..........

"ආව්ච්............" ටේහ්‍යුන්ගේ අතකින් ආපු ශොට් එකක් ඇවිල්ලා ජන්කුක්ගේ කම්මුලේ වැදුනේ ජන්කුක්ගෙ බෙල්ල අනිත් පැත්තටම හැරවෙද්දි..........

"ආෂ්.......මොන විකාරයක්ද මේක..... ඒයි නැගිටිනවා....... ඔයාද ටේහ්‍යුන්ග් කියන්නේ........."

ජන්කුක් ටේගේ කම්මුල්වලට තට්ටු කර කර අහද්දි ලාවට ඇස් ඇරලා බලපු ටේහ්‍යුන්ග් දැක්කේ තමන්ගේ මූණටම පාත් වෙලා ඉන්න මාස්ක් දාපු මූණක්................. කිසිම ගානක් නැතුව කොණ්ඩෙත් අවුල් කරගෙන ඇස් හීනි කර කර නැගිට්ට ටේහ්‍යුන්ග්ව දැක්ක ජන්කුක් ඇත්තටම හිතන්න ගත්තේ දැක්ක ගමන් බය වුනේවත් නැද්ද කියලා.........

𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)Where stories live. Discover now