Chapter 2

1.7K 289 50
                                    


එක් නිවසක කුඩා සාලයේ සෝෆා එකට හේත්තු වෙලා වාඩි වෙලා ඉන්න එක්කෙනෙකුත් එයාගේ ඔලුව උඩ එක කකුලක් තියාගෙන ඩයිනෝසර් ඇදුමකුත් ඇදගෙන සෝෆා එකේ වාඩි වෙලා ඉන්න තවත් කෙනෙකුත් ඉදිරිය බලාගෙන හිටියේ ලොකු කුතුහලයකින්.... එක්කෙනෙක් නම් ඒ දිහා බලාගෙන හිටියේ ලොකු සංයමයකින් වුනත් අනිත් කෙනා......

"හලී........හලී......හලි තව ටිකයි..... ආහ්.......හලී.......ආහ්.....ගාන්න දැන්... හලි ගාහන්න ගාන්න..... ඒ...ඒ.... ඔන්න... ආයිෂ්.... අදෝ.......වැදේ කෑවනේ........"

.

"ආයිෂ් ටේ මොන කන් කරච්චලයක්ද... බලනවා නම් පාඩුවේ වාඩි වෙලා ඉදලා බලනවකෝ......මූඩ් කන්නේ නැතුව...."

.

"මේක වැදක් නෑ.....මේකේ විලේන් ගුටි කන එකමයි වැදේ.......හොල' පිල්ම් එකක් බාමු....."

.

"ආයිෂ්.....ටේ... දුෂ්ටයා ගුටි නොකා හීරෝ ගුටි කන ෆිල්ම් කොහෙද තියෙන්නේ.....එහෙම එව්වා නෑ....... දැන් බලන්න ගත්තු එක බලනවා......."

.

"බයගුල්ලා....."

.

"කවුද......"

.

"ඔයා....හහ්.... බලන්න බය නම් බයයි කියන්න එපැයි.....හුම්...."

.

"අනේ මේ ටේ.....මෙන්න මේක බලමු.....දුෂ්‍ටයට ඔච්චර ආස අප්පත් දුෂ්ටයෙක් හින්දද දන්නෑ...."

.

"බෑහ්.... ජිල් හියුන්...හොල' ෆිල්ම් එකක් බලන්න ඕනී........."

.

එහෙම කියලා ටේ එයාගේ හියුන්ගෙන් රිමෝට් එක උදුරගන්න හැදුවා............

"දෙල්ල..........."

"මොකක්ද..........."

"ලිමෝට් එක දෙනවා මෝදයෝ......."

ටේ අනිත් එක්කෙනාගේ ඇග උඩ නැගලා කොණ්ඩෙන් අදින ගමන් කෑ ගහන්න ගත්තා.......

"බෑ........."

"දෙල්ල නේද කිව්වේ........"

"ආආආආහ්........ඔම්මා මේ යකා මගේ ඔලුව ගලවන්න හදනෝ......"

ටික වෙලාවකින් එතනට ආපු ඔම්මා දැක්කේ ජින්ගේ කරේ නැගලා ඔලුවෙන්ම අල්ලගෙන රිමෝට් එක ගන්න ලොකු උත්සහයක යෙදෙන එයාගේ හුරතලා ටේ වගේම ටේගෙ අත් වලට මුකුත් පේන්නේ නැතුව ටේහ්‍යුන්ගේ බැලන්ස් එක හදාගන්න ගමන් ටේට රිමෝට් එක ගන්න දෙන්නේ නැතුව කෑ ගහන එයාගේ ලොකු පුතා ජින්ව..........

𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ