Chapter 34

759 93 63
                                    

"අනේ කුකී...අනේ මෙහේ බලනවකෝ..."

"මාත් එක්ක කතා කරන්න එපා ටේ...මම හිතුවේ නෑ ඔයා ඔහොම කෙනෙක් ලා..."

"ඒ වුනාට...ඒ වුනාට අනේ...කුකී..කුකී..."

ජන්කුක් මුකුත්ම නොකියා ශොපින් මෝල් එක ඇතුළට යද්දි ටේහ්‍යුනුත් කෑ ගගහා පස්සෙන් ගියා.

ඒ අතරේ.......

"අනේ මොකක්ද හලෝ..."

"මට වැඩ තියෙනවා ජිමින්...."

"අනේ...අනේ...ඉන්නවකෝ..."

"අර ඔලීවියත් බලන් ඉන්නවා. තමුන්ට පිස්සු හැදිලද?"

"හැබැයි යුන්ගි හියුන්...."

"ම්?..ඒ..ඒ...මොකද ඔය විදිහට බලන්නේ? ජිමින් ඕක නම් කරන්න හිතන්නවත් එපා...ජිමින්! ජිමින්!..."

"ඩැඩීඊඊඊඊ....."

ජිමින් ටවුන් එක මැද යුන්ගිගේ කකුල් දෙක බදාගෙන වාඩි වුනා.ඒ විතරක් නම් මදැයි බෙරිහන් දීලා කෑ ගහන්නත් ගත්තු නිසා පාරේ මිනිස්සු එයාලා දිහා බල බල මොනවදෝ මුමුණ මුමුණ කටවල් අතින් වහගෙන හිනා වෙවී සමහරු ෆොටෝසුත් ගන්න ගත්තේ පොළොව පලාගෙන යන්න හිතිලා වගේ ඉන්න යුන්ගිගෙයි එයාව බදාගෙන ඉන්න කියුට් බෝයිගෙයි.

ඔලීවියගෙ ඇස් උඩ ගියේ එයා යුන්ගිගේ මෙහෙම තත්වයක් දැනගෙන හිටියේ නැති නිසා.ඒලා නම් දාගෙන හිනාවෙන්න ගනිද්දි බෙල්ලෙ තිබුන හෙඩ්සෙට් එක කනට තියාගත්තු නිකී එයාලත් එක්ක ආපු පුද්ගලයෙක් නොවන බවට පෙන්වීමට එතනින් ටිකක් ඈතට ගියා.

ඇස් පියාගෙන බර හුස්මක් හෙලපු යුන්ගි ඇස් දෙක ඇරලා පපී අයිස්වලින් උඩ බලාගෙන ඉන්න ජිමින් දිහා බැලුවා.

_________________

"මචන් මින්හෝ...පැහැදිලිනේ පිළිවෙල...ඒකි හතරවටේ කරක්ගහලා මෙතනින් යද්දි උබට තියෙන්නේ එයාව නවත්තගෙන මුලින්ම මේ බැලුන් බෝලයක් එයාගේ අතට දෙන්න...ඊටපස්සෙ අර කැමරමන් කොල්ලා ඇවිල්ලා උබලා දෙන්නට එකට ඉන්න කියලා ෆොටෝ එකක් ගහයි...කෙල්ල කම්ෆියුස් වෙයි තමයි...ඒ ෆොටෝ එක වදින කොටම රෝස් පෙටල්ස් වට්ටන්න මම ස්ටාෆ් එකට කියලා තියෙන්නේ...කොහොමහරි කම්ෆියුස් එක සප්‍රයිස් වෙනකන් ශේප් එකේ යමන්...ඊටපස්සෙ ඒ වෙලේම දණ ගහලා මුද්ද පෙන්නපන්...ඒකි අන්දබූත වෙලා හිටියහම විල් යූ මැරී මී කියලා මෝල් එකේ මේ ඒරියා එකේ හැම ස්ක්‍රීන් එකකම දාන්න කියලත් මම කිව්වා...ඊටපස්සෙ ඒකි උබේ මූණ ගලවලා බලයි...ඊටපස්සෙ ඒකි යෙස් කිව්වට පස්සේ ඒකිව උස්සගෙන උඩ පැනලා....."

You've reached the end of published parts.

⏰ Last updated: Oct 16, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)Where stories live. Discover now