Chapter 28

748 147 102
                                    

"මට බෑ.....ඔම්මා!!!! මට ප්‍රෙග්නට් වෙන්න බෑ!!!......"

"ඉතින් ජිමිනි ඔයාගේනේ අයිඩියා එක...."

"හරි ඒත් කැරැක්ටර් එක මන් භාරගන්න කතාවක් මගේ ස්ක්‍රිප්ට් එකේ තිබ්බේ නෑ!!!!......."

"ඒත් ඊයේ ඔයාට අවුලක් නෑ කියලා කිව්වේ?..."

"බෝතල් දෙක පෙන්නුව නිසා කියවුනා මිසක් හදවතින් නෙවෙයි යකෝ මේ වගේ දේකට එකඟ වුනේ!!!....."

ජිමින් හිටියේ පල්ලියේ තිබුන කණුවක් බදාගෙන බෙරිහන් දෙන ගමන්.මරන්න ගෙනියන හරකා වගේ කොහොමහරි පල්ලියට ඇඳගෙන ආවත් ආපු වෙලේ ඉදන් ගිරිය කඩාගෙන කෑ ගහන්න ගත්තු නිසා ටේහ්‍යුන්ග් කන් දෙකත් අත් දෙකෙන්ම වහගෙන එයාව සන්සුන් කරවන්න බැලුවත් ඒක හරියන පාටක් තිබ්බේ නෑ.ජන්කුක් බිත්තියට හේත්තු වෙලා එක අතක් පපුවට නවාගෙන අනික් අතින් නළල පිරිමදින ගමන් හිටියා.ආ කියන්න බැරිවුනා.ජන්කුක් අද හිටියේ කළු පාට ෆුල් කිට් එක ඇඳගෙන කොණ්ඩේ ජෙල් ගාලා හදලා මූණත් බලන්න පුලුවන් තරමට ඔප දාපු කළු සපත්තුත් දාගෙන තනිකරම මනමාලයා වගේ.එයාට එහෙම සූට් එකක් අඳින්න අවස්ථාවක් මීට කලින් ලැබිලා නොතිබුනත් මිස්ටර් කිම්ගේ...ඔව් මිස්ටර් කිම් කියපු විදිහට එයාට අද දවසේ එහෙම සූට් එකක් අඳින්න වුනා.

එතකොට මින්හෝගේ කකුල්වලටත් බ්‍රේක් නෑ.අත් දෙක පිටිපස්සට තියාගෙන රාළහාමි වගේ අරහෙට යනවා මෙහෙට යනවා.එතකොට ජින් පල්ලියට ආපු වෙලේ ඉදන්ම ඇස් දෙකත් පියාගෙන අත් දෙකත් බැඳගෙන මොනවා හරි මුණුමුණු ගගා ප්‍රේ කරනවා ප්‍රේ කරනවා ඉවරයක් නෑ.සමහර විට වෙඩින් එක කොහොමහරි නවත්තන්න කියලා වෙන්නැති.බෝගම් නම් පේන මානෙක හිටියේ නෑ.

ආ එරික් මාර්ක් ඩබල කාටවත් මාට්ටු වෙන්නේ නැතුව උත්සවයට ආපු අමුත්තෝ වගේ වාඩි වෙලත් ඉවරයි.

"අනේ ජිමිනි....ඔයා මේක කරන්න ඔයාගේ යාලුවා වෙනුවෙන් ප්ලීස්...."

"අනේ කෙල්ලෙක්ව හොයාගන්නවකෝ...මොන වෙඩිමක්ද?...."

"ඉතින් අපිට මේ වෙලාවේ හොයන්න කෙල්ලෝ නෑනේ....හොයාගත්තත් කවුද විශ්වාස කරන්න පුළුවන් එකෙක්ට ඉන්නේ?...."

𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)Where stories live. Discover now