Chapter 31

614 118 57
                                    

"තමුසේ තමයි මේ ලෝකේ ඉන්න මහ එපාම කරපු මනුස්සයා...බඩුවක් අල්ලන්න බෑ විනාස කරනවා....ළගදි මට කියලා මුකුත් ගෙනාවවත්ද?..."

"ම්..මන් ඔයාට ගෙනා....."

"පොඩ්ඩක් කතා කරන්නවත් වෙලාවක් නෑ...කොයිවෙලෙත් වැඩ...වැඩ....වැඩ!!!... අර නල්ල මලේ කම්පැනි එකේම නැවතිලා ඉන්නවකෝ මෙහේ ඇවිත් වද දෙන්නේ...."

මූණ රතු කරන් ඉන්න ජින් දිහායි මූණත් අඬන්න ඔන්න මෙන්න කරගෙන ඉන්න නැම්ජූන් දිහායි හැමෝම ස්මයිල් ඉන් පෙයින් එකෙන් බලාගෙන හිටියා.හැමෝම හිටියේ සාලේ වටේට වාඩි වෙලා.මෙච්චර වෙලා වෙනම සිහියක හිටපු හෝසෝක්ටත් ඒ ටික ඇහිලා හරි සිහියට ආවා.සෝෆා එකේ ඉඳගෙන හිටපු ටේහ්‍යුනුත් මීක් සද්දයක් නොකර බලාගෙන ඉදිද්දි ජිමින් බේබද්දා වගේ වැනි වැනි ඇවිල්ලා එරික්ගේ ඇඟ උඩට කඩන් වැටුණා.

"ආහ්! එහාට පල...පොඩි එකා...."

"හික්....මොකක්ද මෙතන වෙන්නේ...."

"වෙන්නේ? උබට මනමාලයෙක් හොයනවා...."

ටික වෙලාවක් නැම්ජූන් දිහා තරහෙන් බලාගෙන හිටපු ජින් එකපාරටම මහ හයියෙන් හිනාවෙලා අත්පුඩියක් ගැහුවා.

"කරා හරිද?...."

ජින් සතුටින් අහද්දි හැමෝම ස්මයිල් ඉන් පෙයින් එකෙන් මූණට මූණ බලාගෙන ඔලුවවල් වනන්න ගත්තා.

"හ්...හරි...හරි...නේද බන්...ජූන් හියුන්ට ඇඬෙන්නම වගේ ඇවිල්ලා තියෙන්නේ...."

"ඔව්..ඔව් ගානටම කරා...

මූ තරහක් පිරිමහ ගත්තද මන්දා?...."

ජැක්සන් හයියෙන් කියලා අනිත් කෑල්ල මාර්ක්ගේ කනට කරලා කිව්වා.

"වෙල් ඩන් හියුන්ගි...ඔයා සේරම පැත්තකින් තියලා රඟපාන්න යන්න..."

ටේහ්‍යුනුත් අත්පොඩි ගගහා චියර් කරනකොට ජින් හිනාවෙද්දි දැක්කේ මූණ තැලිච්ච කාසියක් වගේ කරගෙන ඉන්න නැම්ජූන්ව.

"අනෝ...ඔයා බය වුනාද ශුඩු බෝලේ...ඒක ඩෙයා එකක්නේ...ඔයා කවද්ද අනේ මාව කෙයා නොකර හිටියේ....."

ජින් නැම්ජූන්ගේ කම්මුල් දෙකෙන් ඇදගෙන කියද්දි ජැක්සන් වමනෙට එන්න වගේ ඇක්ට් කරලා අහක බලාගත්තා.

𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)Where stories live. Discover now