Chapter 15

1.2K 254 64
                                    

එදින රාත්‍රිය එලබෙනවත් එක්කම වැස්ස අකුණුත් එක්කම තවත් වැඩි වුණේ වාහනයත් නතර කරලා ආපු ජන්කුක්ලට පයින් තියා වෙන වාහනයක් අරන්වත් ආපහු යන්න බැරිවෙද්දි.

"මිස්ටර්..මට පොඩ්ඩක් ඔයා එක්ක කතා කරන්න ඕනේ..."

ටේ එයාගේ කාමරේ බඩු පෙරල පෙරල දාගෙන මොකක්දෝ මන්දා හොය හොය ඉදිද්දි දොර ළග හිටගෙන නිදි කිර කිර හිටපු ජන්කුක් ඉස්සරහට ආපු ජින් එහෙම කියලා එතනින් ගියේ ජන්කුක් ඒ පස්සෙන් යද්දි.

"ඉදගන්න..."

"නෑ...මෙහෙම හොදයි..."

"හ්ම්ම්...කිව්ව විදිහට මිස්ටර් කිම්, ටේහ්‍යුන්ගේ බොඩිගාඩ් කරලා තියෙන්නේ ඔයාව..."

"ඔව්..."

ජන්කුක් ස්ථිර හඩින් කිව්වා.

"ඔයා මෙච්චර කල් මිස්ටර් කිම් ළග වැඩ කරලා තියෙනවා ඒ කියන්නේ..."

"ඔව්..."

ජන්කුක් ආපහු එහෙම කියද්දි එකවරම ජින් කටකොනින් හිනාවුනේ ජන්කුක් සැකයෙන් වගේ ජින් දිහා බලද්දි.

"ඔයා කරන්නේ බොඩිගාඩ් ජොබ් එක කියලා හොදටම ශුවර්ද..."

ජින්ගේ ඒ පැනයට කිසිවක් නොකියා ජන්කුක් බලාගෙන ඉදිද්දි ආපහු කතා කරපු ජින්...

"මොකද ඔයා ටේහ්‍යුන්ග් එක්ක ඉන්න විදිහට මට ඔයාව සල්ලි වෙනුවෙන් වැඩ කරන බොඩිගාඩ් කෙනෙක් කියලා නම් පේන්නේ නෑ...මොන බොඩිගාඩ් ද ඔය විදිහට තමන්ගේ ස්වාමියාට කිසිම ගරු සරුවක් නැතුව කතා කරන්නේ...."

ජින් එහෙම කියද්දි ටික වෙලාවක් ජින් දිහා හැගීම් විරහිතව බලාගෙන හිටපු ජන්කුක්....

"ඔයාට මොනවද දැනගන්න ඕනේ...."

ජන්කුක් එහෙම කියද්දි ජින් හොද හුස්මක් හෙලුවා.

"තමුන් ඇත්තටම කවුද...අනික මොන හේතුවක් නිසාද ටේහ්‍යුන්ග්ව කිඩ්නැප් කරගෙන ගියේ...."

ජින් එහෙම අහද්දි ජන්කුක් හොද සුසුමක් හෙලුවා.

"එක මම මීට කලින් බොඩිගාඩ් කෙනෙක් විදිහට වැඩ කරලා නෑ...මිස්ටර් කිම් ළග මම වැඩ කරේ බොඩිගාඩ් කෙනෙක් විදිහට නෙවෙයි...මගේ නම ජේකේ...එයාගේ ගමනට බාධා වෙන හැම කෙනාවම එයාගේ අණට ඉවරයක් කරන එක විතරයි මගේ රාජකාරිය...හරියටම කිව්වොත් මිස්ටර් කිම්ගේ විශ්වාසවන්තම සහයකයා...අනිත් එක ටේහ්‍යුන්ග්ව..."

𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)Where stories live. Discover now