Chapter 25

656 129 85
                                    


තමන් ඔලුව තියාගෙන ඉන්න තැන නිකන් ගලක් ඉබෙනවා වගේ දැනෙද්දි ජිමින් හෙමිහිට ඇස් ඇරියා.ටිකෙන් ටික එයාගේ ඇස් ආලෝකයට හුරු වෙද්දි තමන් ඉන්නේ කාගේ පපුව උඩද කියලා මීටර් වුන ජිමින් කම්ෆියුස් වුනා.කොට්ටෙ බදන් ඉන්නවා වගේ තමන් යුන්ගිව තදින් බදාගෙන ඉන්නවා දැකලා බය වුන ජිමින් එකපාරටම එයාගෙන් ඈත්වෙන ගමන් ඇදේ කීප පාරක් පෙරලිලා එහාට ගියා.යුන්ගිට නම් තමන්ව බදාගන්න තියා අල්ලන්නවත් ඕනකමක් තිබිලා නෑ කියලා තේරුනේ යුන්ගි අත් දෙක ඔලුව පිටිපස්සෙන් තියාගෙන නිදාගෙන ඉන්න විදිහ දැකලා.

තමන් එතන ඉන්න හේතුවත් එක්ක ඊයේ වුන සේරම දේවල් මතක් වුන ජිමින් ආපහු කොට්ටෙට ඔලුව තියාගෙන නිදාගෙන ඉන්න යුන්ගිගේ මූණ දිහා බලන් හිටියා.ඒත් එක්කම ජිමින්ගේ මතකයට ආවේ ටේහ්‍යුන්ග් ඊට ඉස්සෙල්ලා දවසෙ කිව්ව දේවල්.

'ඔයාට හැන්ඩ්සම් කොල්ලෙක්ව තමයි ගැලපෙන්නේ ජිමිනි....'

ජිමින් නිදාගෙන ඉන්න යුන්ගි දිහා බලලා ලාවට හිනාවුනා.

"හැන්ඩ්සම්..."

ලාවට මුමුණපු ජිමින්ට ටේහ්‍යුන්ග් කිව්ව තව දෙයක් මතක් වුනා.

'ඩෝන්ට් වොරි බබී...අපි ඔයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයාගමු....'

"බෝයිෆ්‍රෙන්ඩ්...."

ආපහු ලාවට මුමුණපු ජිමින් එකපාරටම චිල් එකේ වගේ මූණ කොට්ටේ අස්සේ ඔබාගෙන කකුල් දෙක ගැසුවේ ඇඳ හෙල්ලුන පාර යුන්ගි ජිමින්ගේ පැත්ත හැරිලා ආපහු නිදාගනිද්දි.


යුන්ගි ඇහැරෙයි කියලා බයවුන ජිමින් ආපහු හැලහොල්මනක් නැතුව හිටියා.ආපහු හිතන්න ගත්තු ජිමින්ට මතක් වුනේ වෙනම දෙයක්.ඒ ටේටේ 'ඩැඩී' ගාගෙන ජන්කුක් ළගට යන විදිහ.ටික වෙලාවක් කල්පනා කරපු ජිමින් අදහසක් ආවා වගේ එකපාරටම ඇස් ලොකු කරගෙන ඇදේ ඉදගත්තේ සතුටින්.

"යෙස්...ඩැඩී..."

හෙමිහිට මුමුණලා ඇදෙන් බිමට පැන්න ජිමින් කාමරෙන් එළියට දුවලා ගියේ ටේහ්‍යුන්ගේ කාමරේට යන්න කියලා හිතාගෙන.


ඒත් උදේම ටේහ්‍යුන්ගේ කාමරේ පැත්තට එන කෙනාව දැක්ක ජිමින් බයවෙලා ඉක්මනට ටේහ්‍යුන්ගේ කාමරේ ළගට ගිහිල්ලා දොර අරින්න හදද්දිම......

𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)Where stories live. Discover now