"වාව්! අල ලයිට් දිලිතෙනවා..."
"ජිමින්....."
"හායි...ලේදීස් ඇන් ජෙඩ්ල්මන්...අදුනගන්න....දිස් ඊෂ් මයි ඩැඩී...ඩැඩී අපි මොකතත මෙහෙත ආවේ....."
"ජිමින්!!!!..."
"ජිමින් කවුද? මම තිමී...."
"එක සැරයක් කිව්වා...."
ජිමින් කැෆේ එකට තියපු පළවෙනි අඩියේ ඉදන් මුලු කැෆේ එකක්ම එයාලා දිහා බලාගෙන ඉන්න සලස්වලා කියෝ කියෝ එද්දි එතන අසරණ වුන එකම කෙනා වුනේ යුන්ගි.
"ඩැඩී මුනාද ඕඩල් කලන්නේ...තිමීත නම් ඕලේ ෆුල් කොක්තේල් එකක්....අලේ...වේතල්.."
ජිමින් කකුල් ගස්ස ගස්ස කෑ ගහද්දි එහා පැත්තේ ටේබල් එකේ හිටපු කපල් එකත් හැරිලා බලලා හිනාවෙවී මොනාදෝ මුමුණන්න ගත්තා. අසරණව එයාලත් එක්ක හිනාවුන යුන්ගි ජිමින් දිහාට මරාගෙන මැරෙන ලුක් එකක් දැම්මේ එයා වේටර්ටත් කතා කරපු නිසා.
"ගුඩ් මෝනින් සර්....වට් ඩූ යූ වෝන්ට්?..."
"අයි වෝන්ත් අ පුල් ග්ලාත් ඔප් කොක්තේල්...."
"සොරි?...."
"කොක්තේල්...කොක්තේල්...."
වේටර් කම්ෆියුස් වෙලා අසරණව හිනාවෙලා එහා පැත්තේ හිටපු යුන්ගි දිහාත් බලද්දි යුන්ගි ඇස් දෙකත් පියාගෙන නළල පිරිමදින ගමන් හිටියා.
"කොක්ටේල් නෙවෙයි...තව වචනයක් හරි කිව්වොත් පොවනවා මම පුන්නක්කු...නවත්තපන් දැන්වත් ඔය අලේ හුලේ ගෑවිල්ල...."
ජිමින් ඇගිල්ලකින් තමන්ගේ කට වහගෙන ශිප් එකෙනුත් වහලා හරි කියන්න තම්බ්ස් අප් එකක් දෙද්දි ආපහු සැරයක් හොඳ හුස්මක් අරගෙන ඇස් දෙක පියාගත්තු යුන්ගි වේටර් දිහාට හැරුණා.
යුන්ගිගේ ඕඩර් එක වේටර් නෝට් කරගෙන එතනින් යද්දි යුන්ගි හැරුණේ ටේබල් එකට අත් දෙකම බරකරගෙන අල්ලෙන් මූණ තියාගෙන filtering කරන්න වගේ තමන් දිහා අමුතුවට බලාගෙන හිනාවෙන ජිමින් දිහාට.
"දන්නවද ඔයා කොච්චර වාසනාවන්තද කියලා..."
යුන්ගි අහද්දි ජිමින් ඔලුව දෙපැත්තට වැනුවා.
YOU ARE READING
𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)
Fanfictionඩැඩී ... ඩැඩී ...??? ජස්ට් ෆලෝ මී ... ආෂ් මොන කරදරයක්ද මේක ... __________________________________________________ 💚💜️ 💚💜️ 💚💜️ කළු හදවතක් පාට කරමින් නේක වර්ණයෙන් උතුරා ගිය ආදරය ... (This is just a fanfiction created from my imagination. please...